ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් වෙන්දේසි
ලබන අපේ‍්‍රල් මාසයේ ඇරඹීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී කරවන ක්‍රීඩකයින් තෝරාගැනීමේ වෙන්දේසි ඊයේ සහ පෙරේදා ඉන්දියාවේ බැංගලෝරයේදී සිදු වුණා. ක්‍රීඩා කණ්ඩායම් 10 ක් සඳහා අයදුම් කළ ක්‍රීඩකයන් 350 කින් 124 ක් වෙන්දේසි කිරීමේ ක්‍රමයට ඊයේ තෝරා ගැනුණා.
සනත්-ලාරා -ගංගුලි අලෙවි නොවේ
මෙවර විශේෂ සිද්ධියක් වූයේ බ්‍රයන් ලාරා, ක්‍රිස් ගේල්, ගංගුලි මෙන්ම ලංකාවේ සනත්,වාස් අජන්ත,දිල්හාර වැනි නම ගිය ක්‍රීඩකයින් වෙන්දේසියේදී අලෙවි නොවීමයි.
අලෙවී වූවන්ගේ සහ නොවූවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙතැනින්
ඉන්දියාවේ ගම්බීර් ලංකාවේ මහේල වැඩිම මිලට
මෙම වෙන්දේසිවලදී වැඩිම මුදලට ගියේ ගෞතම් ගම්බීර්(ඩොලර් ලක්ෂ 24),යූසුෆ් පතන් (ඩොලර් ලක්ෂ 21)හා රොබින් උතප්පා(ඩොලර් ලක්ෂ 21) වන අතර ලංකාවේ ක්‍රිඩකයින්ගෙන් මහේල ජයවර්ධනයි(ඩොලර් ලක්ෂ 15) දෙවැන්නා මුරලිය(ඩොලර් ලක්ෂ 11) තෙවැන්නා මැතිව්ස්ය(ඩොලර් ලක්ෂ 9.5).