තමන්ව පිරිමියෙකු අතින් දුෂණය වූයේ යැයි පොලිසියට බොරු පැමිණිල්ලක් කළ තරුණියක ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී දැඩි අවවාද කර ඇප මත මුදා හැර තිබෙනවා.
පෙම්වතා අත්පත් කරගැනීමේ නවතම උපායක් ලෙස කෙරුණු මෙම සිදුවීම පසුපස අපූරු කතන්දරයක් තිබෙන බව අධිකරණයට ඒත්තු ගියා.
කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ තමන් පිරිමියෙකු අතින් දුෂණයට ලක්වූ බවට ඇය මුලින්ම පැමිණිලි කර තිබූ අතර ඒ අනුව ඇය නම් කළ පල්ලිය පාරේ පදිංචි පුද්ගලයාද සමග ඇය අධිකරණයට කැඳවීමට පොලිසිය සූදානම් වූ වෙලාවේ වෛද්‍ය වාර්තාවකින් ඇය කියන කරුණ සනාථ කරගතයුතු බවද පොලිසිය ඇයට කිව්වා.
නමුත් එයට බියවූ තරුණිය පළමු පැමිණිල්ල වෙනස් කර ඇය ඔහු අතින් දුෂණය වූවා නොව ලිංගික හැසිරීමකට තමා පොළඹවාගත්තා යයි කියා සිටියා.
මේ පිළිබඳ සැක කළ පොලිසිය දෙදෙනාම දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් කළ අතර ඒ අනුව අනාවරණය වූයේ, මෙම තැනැත්තා ඇගේ පෙම්වතා බවත්, මෙම පැමිණිල්ල කර ඇත්තේ ඔහු ඇයව විවාහ කරනොගෙන විදේශ රුකියාවකට යන්නට මේ දිනවල සූදානම් වන නිසා බවත්ය. එමෙන්ම ඔවුන්ගේ දෙමාපිය අවසරය මෙම සම්බන්ධයට ලැබී නැති අතර මෙම පැමිණිල්ල මගින් එය ජයගැනීමට හැකි වෙතැයිද ඇය සිතා තිබෙනවා.
පොලිසිය හා අධිකරණය නොමග යැවීම ගැන අධිකරණයේදී දැඩි ලෙස තරුණියට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා ඊයේ ඇයව ඇප මත මුදා හරිමින් මවගේ භාරයට යවා තිබුණා.