Saturday, January 08, 2011

මං පැරදුනේ නෑ..


පක්ෂයේ ආත්ම ගෞරවය රකින්නයි කට වහගෙන ඉන්නෙ -ගීතා
පසුගිය මහමැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට දකුණෙන් තරග කළ සිනමා නිළි ගීතා කුමාරසිංහ නිහඬව සිටින්නේ ඇයිද යන්න විමසන සම්මුඛ සාකච්ඡාවක් අද ලංකාදීප පුවත්පතේ පළවී තිබෙනවා.
එහිදි ඇය පවසන්නේ ඇය පැරදුනේ නැති බවයි..

‘දේශපාලනයට පැමිණි මම අදත් විශ්වාස කරන දෙයක් තමයි....අදටත් මම පැරදුනේ නැති බව. අපේ පක්ෂයත් ජනාධිපතිතුමාත් අපහසුතාවයට පත් කරන්න බැරිහින්දා මම ඒ ගැන කතා කරන්නේ නෑ. මම කතා නොකළාට මගේ නිහඬතාවය බොහෝ දේ කියාපානවා. මගේ ඒ නිහඬ බව කියන කතාව මුළු රටම දන්නවා..මම වගේ කෙනෙක් කටවහගත්තා කියන්නේ ආයෙ කියන්න දෙයක් නෑනෙ..පක්ෂයේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න මම බැඳී ඉන්නවා..’
ගීතා කුමාරසිංහගේ කතාව ඇති සම්පූර්ණ පුවත්පත් ලිපිය