‘බ්ලැක් අයි’ තත්වය දිගටම
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උපේක්ෂා ඊයේ(20) උදෑසන රෝහල් ප්‍රතිකාර නිමාකර පිටත්ව ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.තවමත් ඇයගේ තුවාල සම්පූර්ණයෙන්ම සුවවී නැත. පිටව යන අවස්ථාවේත් වම් ඇස වටා කළු තැලූම්(ඉක්ජනහැ) තත්වයක් දක්නට ලැබුණ බවත් ඇයගේ ඇස අවට තුවාලය සුවවීමට කලක් ගතවිය හැකි බවත් වාර්තා වේ.
ලෙඩ බැලූ විශේෂිතයින් කවුද?
සිද්ධිය වුණු දා සිට ජයවර්ධනපුර රෝහලට මාධ්‍යවේදීන් කිසිවෙකුට කිසිදු කාරණාවක් නිසා ඇතුළු වන්නට ඉඩ කඩ නොලද අතර ඇයගේ ලෙඩ බැලීමට ආ ‘විශේෂ’ පුද්ගලයින් ගැන හෝ වාර්තා කිරීමට ඉඩක් ලබා දුන්නේ නැත.
දික්කසාදයක්?
මේ අතර උපේක්ෂා හා සැමියාගේ ආරවුලට පොලිසිය මැදිහත්වීමට අදහසක් නැතැයිද ඒ අනුව දෙදෙනාගේ එක`ගතාවයෙන් එය විසඳාගෙන අවසන් කරගනු ඇතැයිද පොලිසිය දන්වා තිබිණි.කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ හිංසන චෝදනාව පදනම් කරගෙන ඇය ඔහුගෙන් දික්කසාදවීමට තීරණය කර ඇති බවකි.
උපේක්ෂා හා මහේෂ් විවාහ වෙන්නට පෙර සිටත් රණ්ඩු
පබාගේ සැමියා වන මහේෂ් විවාහ වෙන්නට පෙර ටෙලිනාට්‍ය රූගතකිරීම් කෙරෙන ස්ථානවලට පැමිණ රණ්ඩුවීම් වාර්තා වන බවත් ඇගේ විවාහයේ දෙවෙනි ගමනට පෙර දිනයේ පවා මුහුණ තැලෙන්නට පහරදීම් කර ඇති බවත් රිවිර පුවත්පතේ ලිපියකින් අනාවරණය වෙයි.
දේශපාලනයට එන්නට කිසිම කැමැත්තක් නැතිව සිටි පබා ජනරාල්ට සහය දැක්වීම හා පසුව ජනපතිට සහය දැක්වීම යන තීරණ දෙකම සැමියාගේ පෙරැත්තය මත ගත් තීරණ බවද එහි දැක්වේ. සැකයක් ඇතිවී එස් එම් එස් එකකින් ඒ බව දන්වා කතාබහ දුරදිග ගොස් පහරදීමක් දක්වා ගිය අවසාන රණ්ඩුව වූ දිනයේ ඇය පිලිසරණ පතා අසල්වාසී නිවසකට පවා ගොස් ඇත.
පබාගේ කළු ඉංගිරියාව අසළ රුධිර වහනයක්
පබාගේ වම් ඇසේ කළු ඉංගිරයාව අසළ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවත් එම තත්වය සුව වීමට ටික කලක් ගතවිය හැකි බවත් රෝහල් ප්‍රකාශකයෙක් අද සවස දන්වා තිබෙනවා.ඒ අනුව ඇයට තවදුරටත් රොහලේ රැඳීසිටිමින් ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බවද දන්වා තිබෙනවා.
පබාගේ සැමියා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ තත්වය නම් ඒ පිළිබඳ අලූත් වාර්තා කිසිවක් පොලිසියෙන් වාර්තා නොවීමයි. ඔහු අල්ලාගැනීම යටගැසීමේ වෑයමක් පවතින බවටද මේ අතර ඇතැම් වෙබ් අඩවි නිල නොවන මට්ටමින් වාර්තා කර තිබෙනවා.එසේ කරන්නේ ඇයිදැයි අපි නොදනිමු.
මහේෂ් චාමින්ද ඵෂීෂභඨ
හිංසනයට ලක්කිරීමේ චෝදනාව පිළිබඳ කට උත්තරදීමට සිද්ධිය වූ දිනට පසුදා උපේක්ෂාගේ සැමියා වන මහේෂ් චාමින්දට මිරිහාන පොලිසිය දුරකතනයෙන් අමතා කැඳවීම් කළ අවස්ථාවේ එහි පැමිණෙන බව දන්වා සිටියත් අද උදෑසන වනතුරු ඔහු පොලිසියට පැමිණ නැති අතර පොලිසියට ඔහුව සම්බන්ධ කිරීමට නොහැකි බවත් ඔහු අතුරුදහන්ව ඇති බවත් මේ වන විට වාර්තා වේ. ඔහු සෙවීමේ කටයුතු සඳහා මෙහෙයුමක් අරඹා ඇති බව මිරිහාන පොලිසිය දන්වා තිබේ.
පබාට සුවයි
මේ අතර පබාගේ තත්වය දැන් යහපත් අතට හැරෙමින් පවතින බවත් ඇයගේ තුවාල සුවවීමට දිගු කලක් ගතවියහැකි බවත් රෝහලෙන් වාර්තා වන අතර ඇය ඉදිරි දින කිහිපයේත් රෝහලේම රැඳී විවේක ගැන්විය යුතු බව වෛද්‍ය උපදෙස වී තිබේ.
පබාගේ වැලන්ටයින් කතාව මොකක්ද?
උපේක්ෂා පසුගිය වැලන්ටයින් දිනය දා ජනප්‍රිය නළු සාරංග දිසාසේකර සමග නැටුමක යෙදුණ බවත් එම හැසිරීම ගැන සැකකළ ඇයගේ සැමියා සමග බහින් බස්වීම් ඇතිවීම මෙම ගැටුමට ආසන්නම හේතුව බවත් ඇතැම් මාධ්‍ය මගින් මේ වන විට ප්රවෘත්ති වාර්තා කර තිබෙනවා.
නමුත් එහි ඇත්ත නැත්ත ගොසිප් ලංකා වෙත තහවුරුවී නැත.කෙසේ වෙතත් සාරංග සහ උමාලි තිලකරත්න අතර කලක පටන් සම්බන්ධතාවයක් පවතින බව නම් ක්ෂේත්රයේ ප්‍රසිද්ධ රහසකි.
පබාට ගහ ගහා බිම දිගේ ඇදගෙන ගියා
- ආරක්ෂකයින් කියයි
පිළියන්දල පිහිටි පබාගේ මහගෙදරට ඇයත් සැමියාත් අගහරුවාදා(15) ගොස් තිබෙන බවත් එහි සිට නැවත තලපත්පිටියේ පිහිටි පබාගේ නිවසට දෙදෙනාම වාහනයේ පැමිණෙමින් සිටියදී බහින් බස්වී පහරදීම ඇරඹුණ බවත් ආරක්ෂක නිලධාරීන් දන්වා ඇත. වාහනයේ ගමන් කරමින් සිටියදී පහරදීම ඇරඹී එය අවසන් නොවී නිවස අසළ වාහනය නතර කරද්දී ඇය බිම දිගේ ඇදගෙන යමින් අතින් පයින් පහර දුන් බවත් පුද්ගලික ආරවුලක් නිසා ආරක්ෂකයින් එයට මැදිහත් නොවූ බවත් වාර්තා වේ.
මෙම පහරදීම් ඉවසාගත නොහැකිව වහාම කාමරයකට දිව ගිය පබා එහි දොරගුළු වසාගත් බවත් එම අවස්ථාවේ ඇගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් ඉදිරිපත්වී තුවාල සහිත ඇය රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත් පවසා ඇත.
ඇයව ජයවර්ධනපුර රොහලෙ ස්නායු ශල්‍ය ඒකකය වන 18 වන වාට්ටුවට වහාම ඇතුළත් කළේ එයින් පසුය.ඇය ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ අධීක්ෂණය යටතේ දැන් පසුවන අතර විශේෂ ශල්‍ය කර්ම වලටද ඊයේ බඳුන් කර තිබේ.
වම් ඇසට උඩින් තුවාලයක්
ඇගේ වම් ඇසට ඉහලින් තුවාලයක් ඇති බවත් එය බරපතල තත්වයේ නොවන බවත් රෝහල් ආරංච් සඳහන් කරන අතර ඇයට තවත් ශල්‍යකර්ම කිහිපයක් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
119 අංකයට ලැබුණ පැමිණිල්ලක් ඔස්සේ යමින් මිරිහාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය උපේක්ෂාගෙන් දීර්ඝ ලෙස මෙම සිද්ධිය ගැන ප්‍රකාශ සටහන් ලබාගෙන ඇති අතර පවුල් ආරවුලකදී කළ හිංසනයක් ලෙස හෝ මන්ත්රිවරියකට කළ පහරදීමක් යන දෙකෙන්ම උපේක්ෂාගේ සැමියා වන මහේෂ් චාමින්ද වළවේගම අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව පොලිසිය දන්වා ඇත.නමුත් මේ වනතුරු සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් හෝ ලබාගෙන නැත.
ත්ෑඊ 16
1.30 pm
පබාට පහරදීමක්
පාර්ලිමේන්තු මන්ත්රීනී උපේක්ෂා ස්වර්ණමාලී සිය සැමියා සමග ඇතිකරගත් ආරවුලකින් සැමියාගේ පිහිපහරක් මුහුණට වැදී ඇස්වලට හානිවී ඇති බවත් අසාධ්‍යව ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවත් 18 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් වාර්තාවේ.මෙම පහරදීම සිදුකර ඇත්තේ ඊයේ රාත්රියේදී ඔවුන් වාසය කළ තලපත්පිටියේ පිහිටි නිවසේදීය.
පහරදීමෙන් අනතුරුව ඇයව ජයවර්ධනපුර රෝහල කරා රැගෙන ගොස් ඇත්තේ ඇගේ ආරක්ෂක සේවයේ නිලධාරීන් විසිනි.
සැමියාට මේක බොරුලූ
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පබාගේ සැමියා අමතා මාධ්‍ය තොරතුරු විමසද්දී ඔහු මුළු සිද්ධියම ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ,පබා දැන් ගංගාරාමෙ ගාව ෂූටින් එකක ඉන්නේ ඕව බොරු කතා...ලෙසය.
ඇසිඞ් කතාව බොරුවක්
නමුත් ජයවර්ධනපුර රෝහල් අධ්යක්ෂ වෛද්‍ය එස් ගමගේ පබා රෝහල් ගතකළ බව තහවුරු කළ අතර මේ අවස්ථාවේ ශල්‍ය කර්මයක් සඳහා යොමුකර ඇති බවත් වැඩිදුර කියා සිටියේය.
මෙම ආරංචිය වැරදි ලෙස මුලින් පැතිරගියේ පබාට ඇසිඞ් ගහලා යනුවෙනි. නමුත් ඇත්ත සිද්ධිය පිහි පහරකි.
මාධ්‍ය තහනම්
මේ ගැන කරුණු සොයා බැලීම සඳහා මේ වන විටත් පුවත්පත් හා ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රය වෙත ගොස් සිටියත් ඔවුන් කිසිවෙකුට මේ වනතුරු ඇතළු වීමට ඉඩ නොදෙන බවත් සිද්ධිය මාධ්‍යයෙන් වසන් කිරීමේ අරමුණින් ඔවුන්ට රෝහල් තහනම් කලාපයක් කර ඇති බවත් වාර්තා වේ.ඔවුන් එළියේ තවමත් සිටිති.
දික්කසාදවීමට සූදානමින් සිටියා
මේ අතර පබා ඇගේ සැමියාගෙන් දික්කසාද වීමට සූදානමින් සිටි බවත් ඔහු හා මේ සම්බන්ධයෙන් නිතර බහින් බස්වීම් ඇතිවූ බවත් වාර්තා වේ.