Saturday, February 05, 2011

දැයට කිරුළට බුත්තල යන්න දියට බස්සන මගී ගුවන් සේවයක්

මොණරාගල බුත්තලදී ඇරඹෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනය පවතින කාලය තුළ එය නැරඹීමට කොළඹ සිට යන අයගේ පහසුව තකා විශේෂ පාවෙන ගුවන් සේවාවක් ඇරඹීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇත.මෙම පාවෙන ගුවන් යානා පෑලියගොඩ සිට ගමන් අරඹා ගොඩබසින්නේ බුත්තල යුඳගනාව වැවේය.වැවට බැස වේගය අඩු කරගන්නා යානාව සෙමින් වැව් තෙරට දියමතින් ගමන් කරයි.
ලංකාවේ මෙම යානා මගී ප‍්‍රවාහනයට යොදාගෙන තවමත් මාස 2 ක් පමණි.
මෙමගින් මිනිත්තු 50 කින් කොළඹ සිට බුත්තලට යාහැකිය. එක් මගියෙකු සඳහා යාම් ඒම් අයකිරීම රුපියල් 6000 කි.
පෙබ.4-10 කාලයේ සෑම දිනකම මෙම ගුවන් සේවය පවත්වා යන බවත් ආසන වෙන්කිරීමට 0197333727 අමතන ලෙසත් එම සමාගම දන්වා සිටී.
මෙබඳු පාවෙන ගුවන් යානා දියමත ගොඩබස්සන ආකාරය දැක්වෙන වීඩියෝ පහතින් බලන්න