Monday, April 04, 2011

2015 ලෝක කුසලානයට මාලිංග නැහැ

වසර 2015දී පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන තරගාවලියට තමන් කී‍්‍රඩා නොකරන බව වේගපන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග පවසයි.

කෙසේ වෙතත්. ජාතික කණ්ඩායමට හැකි උපරිම දායකත්වය ලබාදීමට තමන් සූදානම්ව සිටින බව ඔහු රාජ්‍ය රූපවාහිනියට කියා සිටි බව ඒඇෆ්පී වාර්තා කරයි.

ඊයේ අවසන් වූ 2011 අවසාන ලෝක කුසලාන තරඟාවලිය තමන් අවසන් වශයෙන් කී‍්‍රඩා කළ ලෝක කුසලාන තරගාවලිය බව මාලිංග කියා සිටියේය.

විසිහත් හැවිරිදි මාලිංග එම තරගාවලියේදී කඩුළු 13ක් දවාගත්තේය.

පසුගිය සති කිහිපය තිස්සේ තමන්ට ආබාධයන් ඇතිවූ බව ඔහු පවසයි.

වසර 2008 හා 2009දී ද ඔහුට දකුණු දණහිසෙහි ආබාධයක් හටගත්තේය.