Wednesday, April 06, 2011

නදිනිගේ නැටුම් ඉවරයි

සිරස සුපර්ස්ටාර් දෙවැනි අදියරේදී ගායිකාවක ලෙසින් ජනපි‍්‍රයත්වයට පත් නදිනි පේ‍්‍රමදාස ලබන ඇපේ‍්‍රල් 08 වැනිදා විවාහ වීමට නියමිතය.



නදිනිගේ අත ගන්නේ කලාවට සම්බන්ධ අයෙක් නොවෙන අතරල ඔහු ව්‍යාපාරිකයෙකි.

ඔහු නමින් මනෝජ්ය.

ඇගේ විවාහ මංගල්‍ය උත්සවය බත්තර මුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වීමට නියමිතය.

නදිනිගේ නෑදෑ හිතවතුන්ට හා හිතමිතුරන්ට එහිදී දිවා ආහාරයක් පිළියෙල කෙරෙන බවත් පැවසේ.

නදිනිට මනොජ් හමුවී ඇත්තේ ඇගේ යෙහෙළියකගේ නිවසකදීය.

මුලින් යහළුවෙකු ලෙස ඇසුරු කළ මනෝජ් පසුව තමාගේ ජීවිතේට ළං කර ගැනීමට තිරණය කළේ ඔහුට දෙමාපිය ආශිර්වාදයත් හිමිවූ නිසා බව නදිගේ අදහසයි.

කෙසේවුවද මේවන විට සෞන්දර්්‍ය විශ්ව විදයාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන නදිනි පසුගිය කාලයේදී වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූයේ'ගජමන් නෝනා‘ ගීතය හරහාය.

නදිනි, www.nadinilive.com නමින් වෙබ් අඩවියක්ද පවත්ගෙන යනු ලබයි.

ඇය මේවන විට නිවේදිකාවක් ලෙසත් පෙරට පැමිණ සිටින අතර රූපවාහිනියේ හා ගුවන් විදුලියේත් නිවේදන කටයුතු කරනු ලබයි.