Monday, April 18, 2011

මෝටර් රථ නලාව හා සයිලන්සර් ශබ්දය පාලනයට රජයෙන් නීති

මෝටර් රථයේ නලාව හැඩවිම හා සයිලන්සරයෙන් නැගෙන ශබ්දය (බිට් එක) පාලනය සඳහා නව නීති රීති පද්ධතියක් ලබන මස සිට ගෙන ඒමට රජය සුදානම් වෙයි.

මෝටර් රථ නලාව අනිසි ලෙස භාවිතය පිලිබඳ ශ්‍රීලංකා කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිපල අනුව මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.

මෝටර් රථ නලාව පාලනයට නීති ලබන මස ගැසට් කරනු ඇති බවත් මෝටර් රථයේ සයිලන්සරයේ ශබ්දය සුසර කිරීම මගින් වෙනස් කිරීම තහනම් කරනු ඇති බවත් වාර්තා වේ.