Friday, April 29, 2011

ඕෂනී ගැන කතාවක්

'සෙනෙහසට' ආදරෙයි' පෙති ඉහිරුනු මලක්' වැනි ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත්  ඕෂනී ඩයස් රූපවාහිනී නාලිකාවක ජනප‍්‍රිය විධායක අධ්‍යක්‍ෂකවරයෙකු සමග පෙමක පැටලී ඇතැයි එම නාලිකාවේ අභ්‍යයන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

එම අධ්‍යයක්‍ෂකවරයා විවාහ වී සිටින්නේද කලකට ඉහත මෙරට ජනාදරයට පත් නිළියක් හා දක්‍ෂ චිත‍්‍ර ශිල්පිණියක් සමග බවත්, ඇය මේ වන විට විදේශගතව සිටින බවත් පැවසේ.

ඔවුන්ගේ විවාහයෙන් දරුවෙක්ද සිටින බව වාර්තා වේ.

මෑතකදී  ඕෂනීට එම අධ්‍යයක්‍ෂකවරයා විසින් වටිනා මෝටර් රථයක් තිළිණ කර ඇතැයි ද ඔවුන් කොළඹින් නිවසක් මිලට ගැනීමට සොයමින් සිටින බවද පැවසේ.

මෙම අධ්‍යක්‍ෂකවරයා පසුගිය කාලයේදී ක‍්‍රීඩා ඇමතිවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අතර විවාදයක් මෙහෙයවීමේදී අදාළ ඇමතිවරයාට වැඩිකාලයක් ලබා දීම සම්බන්ධයෙන් චෝදනාවකට ලක් විය.

එසේ ඇමතිවරයාට වැඩි සැලකිල්ලක් දක්වා ඇත්තේ තමන්ගේ ඥාතියෙකු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට රිංගවීමට බවද එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් හෙළි වේ.

මෙම අධ්‍යක්‍ෂකවරයා පසුගිය කාලයේදී රියැලිටි වැඩසටහන්වලින් එහා ගිය පෞද්ගලික ගණුදෙනු හේතුවෙන් මතභේදයට ලක්වූ අයෙක් බවද සිය පාසල් මිතුරාට රියැලිටි තරඟයකින් දිනවීම නිසා ද කතාබහට ලක්විය.

මොහු ආර්. එල්. ඞී. සමාජ ශාලාවේ හතර මායිම හොඳින් දන්නා අධ්‍යක්‍ෂකවරයෙකු බවද පැවසේ.

ඔහු, ගුරා කපා කරළියට ආ මූසිලයෙක් බවද අදාළ නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් සඳහන් වේ.

කෙසේ වෙතත්,  ඕෂනීද විවාහක බව වාර්තා වන අතර ඇය,ඇය සඳලංකාවේ මංජුල ලංකා ප‍්‍රනාන්දු හා විවාහ වී ඇතැයි පැවසේ.

එසේම ඇය පසුගිය කාලයේදී  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ව සිටියේය.

‘කුලියට දීමට තිබේ’ලි ඕස්ටේ‍්‍රලියන් ඩොලර්ස්' හා 'හිමගිර වගේ' ඕස්ටේ‍්‍රලියාවේ රූගත කෙරුණු ටෙලි නාට්‍යවලට රංගනායන් දායක වූවාය.

ඇය ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට පිවිස ඇත්තේ චන්ද්‍රරත්න මාපිටිගම ගේ .පෙති අහුලන මලක්’ ටෙලි නාට්‍යයෙනි.

source:srilankamirror.com