Thursday, May 05, 2011

තරඟ පාවාදීම් ගැන හෂාන් කියයි

මං නම් ගම් දන්නව
එළි කරේ නැත්තෙ නීති උපදෙස් නිසා
ඒත් පසුව කියනව
-හෂාන් තිලකරත්න

මුදලට තරඟ පාවාදීම පිළිබඳ තමාගේ හෙළිදරව්වේදී නම් ගම් සඳහන් කරමින් චෝදනා ඉදිරිපත් නොකළේ නීතිමය උපදෙස් ලැබුණ නිසා බවත්, මෙම පාවාදීම් පිළිබඳ තමා දන්නා කරුණු ඉදිරියේදී රටට හෙළි කිරීමට පසුබට නොවන බවත් හිටපු ක‍්‍රිකට් නායක හෂාන් තිලකරත්න අද මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේය.
මේ වන විට විදේශ මාධ්‍යවල පවා ප‍්‍රධාන පුවතක් බවට පත්ව තිබෙන්නේ හෂාන්ගේ මේ තරඟ පාවාදීමේ කතාවය.
තමා මෙම හෙළිදරව්ව කරන්නේ රටේ ක‍්‍රිකට් යහ මාවතට ගැනීමේ අරමුණින් මිස වෙනත් අරමුණකින් නොවන බවද පෙන්වාදෙන හෂාන් තිලකරත්න මීළග පළාත් සභාවාරයේදී මේ පිළිබඳ සභාව දැනුවත් කිරීමට සූදානම් බව පැවසුවේය.


ඊයේ පළාත් සභාව හමුවේ හෂාන් මේ ගැන කළ හෙළිදරව්ව
ක‍්‍රිකට් තරඟ පාවාදීම පිළිබඳ හෂාන් තිලකරත්න තොරතුරු දන්නා බවට ලද පැමිණිල්ලක් මත මීට සුළු වේලාවකට පෙර පළාත් සභා මන්ත‍්‍රි හෂාන් තිලකරත්නට රහස් පොලිසියෙන් කැඳවීමක් ලැබුනේය.

මුදලට තරඟ පාවාදුන්නේ මෙහෙමයි
-හෂාන් තිලකරත්න

හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකයෙකු හා වර්තමානයේ බස්නාහිර පළාත් සභා විපක්ෂ මන්ත‍්‍රිවරයෙකු වන හෂාන් තිලකරත්න දෙස් විදෙස් මාධ්‍ය හමුවේ මුදලට තරඟ පාවාදීම ගැන සිදු කළ ප‍්‍රකාශය දැන් ආන්දෝලනයට ලක්වෙලා.අද බස්නාහිර පළාත් සභා රැස්වීමේදී මෙම පාවාදීම් සම්බන්ධයෙන් හෂාන් සම්පූර්ණ හෙළිදරව්වක් කර තිබෙනවා.
මෙම හෙළිදරව්ව කරන්නට ඉන්නා බව කල් ඇතිව දැනගෙන ඊයේ ක‍්‍රිඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ මුදලට පාවාදීම පිළිබඳ තොරතුරු මෙතෙක් කල් හෂාන් දැනගෙන සගවාගෙන සිටීම වරදක් බවත් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත්ය
හෂාන් හෙළි කරන තොරතුරු මොනවාද?
අද බස්නාහිර පළාත් සභාවේදී හෂාන් කළ හෙළිදරව්වේ සම්පූර්ණ වාර්තාව පහතින් කියවන්න