Wednesday, May 25, 2011

ෂේන් වෝන් බොලිවුඩ් සිනමාවට

ලසිත් මාලිංග ඉන්දියාවට ගොස් බොලිවුඞ් නිළියන්ගේ හිත දිනා ගත්තේය. ඒක පරණ කතාවකි.
දැන් අලූත්ම ආරංචිය  ඕස්ටෙ‍්‍රලියානු දගපන්දු යවන්නා ෂේන් වෝන් ගැනයි. අයි.පී.එල්. නිසා ඔහු දැන් ඉන්දියාවේ ජනප‍්‍රිය පුද්ගලයෙක් වී ඇත්තේය.

ෂේන් වෝන් සම්බන්ධ කරගෙන පසුගිය දිනවල එරට නිර්මාණය වූ වෙළෙඳ දැන්වීම් වලදී ඔහු රගපෑමේ දක්ෂතා පෙන්වූයේය.
(ඡdයාරූපයේ දැක්වෙන්නේ එවැනි දැන්වීමක අවස්ථාවකි)
බොලිවුඞ් සිනමාවෙන් ෂේන් වෝන්ට ආරාධනා ගලා එන්නට පටන් ගත්තේ මේ නිසාය.
ෂේන් වෝන් මේ පිළිබඳ පෙරේදා ඉන්දියාවේ මාධ්‍ය වලට අදහස් පළ කළේය.

‘මං ඉන්දියාවෙ සංස්කෘතියට කැමතියි..මිනිසුන්ගේ මේ ක‍්‍රිකට් උමතුවටත් ආසයි..මං මෙහේ තව කල් රැඳෙන්න බලාපොරොත්තු තියනවා. බොලිවුඞ් චිත‍්‍රපටවලට ඇරයුම් ගොඩක් ඇවිත් තියනවා..බලමු ඒව ගැන මං ඉදිරියට සලකා බලනවා..’
41 හැවිරිදි ෂේන් වෝන්ගේ වර්තමාන පෙම්වතිය ප‍්‍රකට නිරූපිකාවක හා නිළියක වන එලිසබෙත් හර්ට්ලිය.ඇයත් වෝන් සිනමාවට පිවිසීම ගැන කැමැත්තෙන් පසුවන බව වාර්තා වෙනවා.
ෂේන් වෝන් කාලයක් ලංකාවේ ක‍්‍රිකට් ලෝලීන්ට වහ කදුරු විය.ඔහු මෙරට ක‍්‍රිඩකයින්ට අපහාස වන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කිරීම පොත් ලිවීම එයට හේතුවයි. ඔහු මුරලිගේ එකම තරගකරුවාවීමද අප සමග වෛර බැඳීමට හේතුවක් විය.
කෙසේ වෙතත් ෂේන් වෝන් සුනාමියෙන් පස්සේ අපේ දුක බැලීමට ආවේය. ගම්වලට ගොස් මිනිසුන් හමුවූයේය. මුරලිගේ ගජයෙකුද වූයේය. පරණ තරහා මරහාකම් අත්හැරියේ එලෙසිනි.
ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සංස්කෘතියට ඔහු ප‍්‍රිය කරන බව අවස්ථා ගණනාවකදීම පවසා ඇත.