Friday, May 20, 2011

ඕෂදී හේවාමද්දුම රිය අනතුරක

කොළඹ රීගල් සිනමා හලේ පැවැති'මහින්දාගමනය' චිත‍්‍රපටයේ මංගල දර්ශනය නරඹා පන්නිපිටියේ පිහිටි සිය නිවෙස බලා යමින් සිටි  ඕෂදී හේවාමද්දුම ඊයේ (18) රිය අනතුරකට ලක්ව තිබේ.

අනතුරින්  ඕෂදීගේ තොල ප‍්‍රදේශයට හානිවී ඇතැයි පැවසේ.

එසේම ඇගේ මවගේ අතක අස්තියක්ද බිඳීගොස් තිබේ.

 ඕෂදී සිය ස්වාමියා වන කැමරා ශිල්පී ප‍්‍රදීප් බුලත්සිංහල හා ඇගේ දෙමවුපියන් සමඟ මෙම චිත‍්‍රපටය නැරඹීමට ගොස් ඇත.

මේ අනතුර සිදුව ඇත්තේ පන්නිපිටිය ගුවන් පාලම තුළය.

 ඕෂදී මහින්දාගමනය චිත‍්‍රපටයේ අනුලා දේවියගේ චරිතයට පණ පොවන අතර, ඇය මෙම චිත‍්‍රපටය සඳහා රඟපෑමට හිස ද මුඩු කළාය.