Saturday, June 18, 2011

ගයාන් ගුටි කයි

 

නුවර තරුණයින් සමග
ගයාන් වලියක

පෙරේදා මහනුවර ගැටඹේදී පැවැත්වූ ස්වාධීන රූපවාහිනී මෙගා ටෙලි ශිල්පීන්ගේ ක‍්‍රිකට් තරගාවලියට සහභාගීවන්නට එහි ගිය ටෙලි නළු ගයාන් වික‍්‍රමතිලක ප‍්‍රදේශයේ තරුණ පිරිසකගේ පහරකෑමට ලක්වූ බව වාර්තා වෙනවා.
සිද්ධිය සිදුවී තිබෙන්නේ මේ තරගයෙන් අනතුරුව සංගීත සංදර්ශනයක් පැවති රාත‍්‍රී කාලයේදීය.
සංගීත සංදර්ශනය අතරතුර ගයාන්ගේ මෝටර් රථයට ගලක් ගැසූ ප‍්‍රදේශයේ තරුණයෙකු
සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බව වාර්තා වෙනවා. මෙම අවස්ථාවේදී ගයාන් සිය මිතුරන් දෙතුන් දෙනා සමග ගොස් ප‍්‍රශ්නය කථාකරදිදී මහනුවර තරුණයින් විසිදෙනෙකු පමණ එතැනට එක්රොක්වී පහරදීම සිදු කර ඇත.සිද්ධියෙන් ගයාන්ගේ පපු ප‍්‍රදේශයේ තැලූම් ඇතිවූ බවත් ඇඳුම් ඉරී ගිය බවත් වාර්තා වෙනවා. මිතුරෙකුගේ ජංගම දුරකතනයක්ද නැතිවී තිබෙනවා.
මේ සිද්ධිය ගැන පොලිසියට තවම වාර්තා නොකළ බවත් ඒ ගැන ක‍්‍රියාකරන බවත් කියන ගයාන් ස්වාධීන රූපවාහිනී සභාපතිවරයා සහ මේ උත්සවය සංවිධානය කළ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා දැනුවත් කර ඇති බව පවසා තිබේ.