Friday, September 09, 2011

පුතුගේ පහරින් ජීවිතයට සමුදුන් අම්මා


වසර දහතුනක්‌ තිස්‌සේ සිය වැඩිමල් පුතණුවන්ගේ මානසික රෝගය සුව කිරීමට ගඩොල් කපා පොල් අතු වියා දුක්‌ මහන්සි වූ මවකට එම පුතණුවන් අතින් මිය යැමට සිදුවූ කඳුළු කතාවක්‌ අපට වාර්තා වූයේ ගොකරැල්ල පොලිස්‌ බල ප්‍රදේශයෙනි.

මැල්සිරිපුර උඩකන්දවල පදිංචි බී. ඩී. යසෝනා (65) මාතාවට දරුවන් සිව්දෙනෙකි. ඉන් දෙවැන්නා වූ ගුණසේන 1998 වසරේ සිට මානසික රෝගයකින් පෙළීම හේතුවෙන් ඔහු කර ගැනීමට යසෝනා හමුනොවූ වෛද්‍යවරයකු නැතිතරම්ය. එහෙත් දිනෙන් දින ඔහුගේ රෝගය උග්‍රවීමේ ප්‍රවණතාව ඉහළ ගියා මිය පහළ යැමට ඉඩප්‍රස්‌තාවක්‌ නොතිබිණි. එහෙත් මවට කිසිදිනක තම දරුවා අවනත කළ නොහැකි වූ බැවින් 35 වියෙහි පසුවූ මෙම මන්ද මානසික තරුණයා රැකබලා ගැනීමට යසෝනා මාතාව ප්‍රදේශයේ ගඩොල් පෝරණුවක ගඩොල් කැපුවාය. වතුවල ඇති පොල් අතු එක්‌රැස්‌ කර පොල් අතු වියා එයින් ලැබෙන සුළු ආදායමෙන් තම මන්ද මානසික පුතු සුවකර ගැනීමට වෙහෙසුණහ. එහෙත් මේ මාතාවට උදාවූ ෙ€දවාචකය පිළිබඳ අපට අදහස්‌ දැක්‌වූ ඇගේ බාල පුතා වූ ඩබ්ලිව්. ඩී. සුගසේන (30) මෙසේ කීය( එදා උදේ පාන්දරින්ම මම ගෙදරින් පිටවෙලා වැඩට යන්න යනකොට අම්මා ඇහුවා තේ ටිකක්‌ හදන්නද පුතේ කියලා. මම එපා අම්මේ කියලා මම අම්මට වැඳලා ගෙදරින් පිටවුණා. පස්‌සේ එදා දවල් 1.30 ට විතර මට ආරංචි වුණා මගේ මන්ද මානසික අයියා වහ බීලා කියලා. පස්‌සේ මම ගෙදර ගියපුවාම අයියා පාරට වෙලා හිටියා. මම ගේ ඇතුලට දුවගෙන ගිහින් බලපුවාම අම්මා ලේ විලක්‌ මැද වැටිලා හිටියා. පස්‌සේ මම දැනගත්තා අයියාට මානසික තත්ත්වය වැඩිවෙලා අම්මාට ගෙදර තිබූ පොරවකින් පහරදී අම්මාව ඝාතනය කරල කියල. අපේ පවුල වෙනුවෙන් තම ජීවිත කාලයම කැප කළ මගේ අම්මට මේ අහස පොළව නුහුලන අපරාධය අපේ අයියා කරාවි කියලා මම හීනෙකින් වත් හිතුවේ නැහැ. අපේ අයියා මගේ අම්මාට මෙහෙම කරයි කියලා. හිතුනා නම් මට කවදාවත් අපේ අම්මා දාලා කොහෙවත් යන්නේ නැතිව ඉන්න තිබ්බා යෑයි ඔහු හඬා වැළපෙමින් කීවේය.

අප වෙත අදහස්‌ දැක්‌වූ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි ආනන්ද සරත් මෙසේ කීවේය.

මෙම සිද්ධිය සැළවූ සැණින් මම ගෙදරට ආවා. එතැනදී මෙම ඝාතන සැකකරුගෙන්  ඇයි අම්මව මැරුවේ කියලා ඇහුවා.

තමා දුක්‌ මහන්සි වී ඇතිදැයි කළ තම දරුවා අතින් මැරුම් කෑමට සිදුවූ මෙම මාතාවගේ මහෙස්‌ත්‍රාත්පරීක්‍ෂණය කුරුණෑගල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් බුද්ධික රාගල මහතාගේ මූලිකත්වයෙන් (6 වැනිදා) පැවැත්වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරිපූර්ණ වාර්තාවක්‌ අධිකරණයට ලබාදෙන ලෙස එහිදී පොලිසියට නියෝග නිකුත් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ සැකකාර පුතා ඊයේ කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. සැමියා අහිමිව දහදුක්‌ විඳ තම දරුවන් හදා වඩාගත් මෙම මවට තම දරුවකුගේ පොරෝ පහරින් මෙලොවින් සමුගැනීම පිළිබඳව මැල්සිරිපුර උඩකැන්දවල ප්‍රදේශයම කම්පාවට පත්වී සිටී.





Source : Divaina