Sunday, September 11, 2011

ජාතික ළමා නාට්‍ය උළෙල


2011 ජාතික ළමා නාට්‍ය උළෙල 10 දා සිට 20දා දක්වා දිනපතා පස්වරු 5.00ට කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.
මෙවර ප්‍රථම වරට ජාතික ළමා නාට්‍ය උළෙල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම පැවැත්වීම විශේෂත්වයකි. භාෂා තුනෙන් ම සීමිත හා විවෘත අංශවලින් ළමා නාට්‍ය 41ක් වේදිකාගත කිරීමට නියමිතය.

ළමා නාට්‍ය උළෙල සඳහා සිංහල අත්පිටපත් සීමිත 51ක් හා විවෘත 61ක් ද, දෙමළ සීමිත 14ක් හා විවෘත 9ක් ද, ඉංග්‍රීසි සීමිත 8ක් හා විවෘත 2ක් ද ලැබී ඇත. අවසාන වටය සඳහා සිංහල අත්පිටපත් සීමිත 12ක් හා විවෘත 11ක් ද, දෙමළ සීමිත 05ක් හා විවෘත 05ක් ද ඉංග්‍රීසි සීමිත 06ක් හා විවෘත 2ක් ද තේරී ඇත.


ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟදැක්වෙන සියලු නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර පාසැල් සිසුන්ට නාට්‍ය නැරඹීමට විවෘත ආරාධනාවක් සංස්කෘතික දෙපාර්තමේන්තුව සිදු කරයි.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය එක් ව ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.




Source: Offcial Government News