Monday, December 19, 2011

රූකාන්ත රිය අනතුරක

ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලක ඊයේ ඇමරිකාවේදී රිය අනතුරකට ලක් වුණා. ඔහු නිව්යෝර්ක් නුවර ස්ටැටර්න් අයිලන්ඩ්ස්හි ඇල්බා හවුස් දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගීවී පවුලේ අය සමග වෑන් රථයකින් නිවසට ගමන් කරමින් සිටියදී මේ අනතුර සිදුවුණා.
 රූකාන්ත ගුණතිලක මහතාගේ තත්ත්වය එතරම් අසාධ්‍ය නොවන බව වාර්තා වන මේ වන විට රිච්මන්ඞ් යුනිවර්සිටි මෙඩිකල් සෙන්ටර් හි ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.

රූකාන්ත ගුණතිලක මහතා සියත ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.