Thursday, January 19, 2012

විජය - දේවිකා දියණි නවාංජනා විවාහ ගිවිස ගනී



නව වසරේ උදාවත් සමඟම දුකක් වගේම සතුටක් දැනුණේ අපේ ආදරණීය රංගන ශිල්පියාටයි.


විජය අයියා නමින් අපි හැමෝගෙම ආදරය දිනා සිටින ඔහුගේ එකම දියණිය නවාංජනා මිහිරාණි නන්දසිරි ජනවාරි 6 වැනිදා විවාහ ගිවිස ගත්තා.


ඒ ජනාධිපති මන්දිරයේදී. ඇගේ හිත ගත්ත මනාලයා චමින්ද ගුණරත්න. නවාංජනාගේ විවාහ ගිවිස ගැනීමට අත්සන් කළේ අපේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා.


ජනාධිපති මන්දිරේ තිබුණු මේ සොඳුරු මොහොතට කලාකරුවන් වගේම දේශපාලඥයන් ද සහභාගි වූණා