Friday, February 17, 2012

හලාවත ඇන්ටනි ප්‍රනාන්දුට වෙඩි තැබූ අයුරු



 




















 අපේ තාත්තා රස්සාවට යන්න කලින් මල්ලිවයි මාවයි ඇග සෝදල ඔක්කොම කරල ඉස්කෝලෙත් ඇරල තමයි වැඩට යන්නේ. අපේ අම්මා බෝට්ටුවේ ණය බේරන්න පිටරට රස්සාවකට ගියා. ඒ ටිකට තාත්තාට මෙහෙම දෙයක් වුණේ ඇයි. ඊයේ උදෙත් අපි දෙන්නට උදේට කන්න එළවළු රොටී අරගෙන කිරි හදල දීල ලොකු අම්ම ගාවට යන්න කියල පෙට්‍රල් උද්ඝෝෂණය බලල එන්නම් කියල ගියේ යයි වෙඩි වැදී මියගිය ඇන්ටනීගේ දුව වන සුපුනි (අවු. 9) හඬමින් පවසන්නීය.














වෙඩි වැදී අවාසනාවන්තව මහ පාරේ මියගිය වර්ණකුලසූරිය ඇන්ටනී ප්‍රනාන්දු විවාහ වී සිටියේ ස්ටෙලා ප්‍රනාන්දු නමැති කාන්තාවක සමගය. එකම ගම් ප්‍රදේශයක් වන හලාවත එගොඩවත්තේ එකම පාසලක අධ්‍යාපනය ලබා එම ගම් ප්‍රදේශයේම ඔවුන් විවාහවී දිවි ගෙවීය. ඔවුන්ට වයස අවු. 9 ක දියණියකද (සුපුනි ආදරිකා) අවු. 8 ක පුතකු ද සිටී. දිනෙන් දින ඔවුන්ගේ නිවසේ අගහි`ගකම් වැඩිවෙමින් පැවති නිසා ඔහුගේ බිරිඳ මීට මාස දෙකකට පමණ ඉහතදී විදෙස්ගත විය. ඇන්ටනී ඔයා මගේ දරු පැටව් දෙන්නා බලාගෙන ඉන්න මම නොමිලේ රටයන්න පුළුවන් නිසා මම ගිහිල්ලා සල්ලි එවන්නම්. ඔයා බෝට්ටුවේ ණය බේරුවහම මට කියන්න මම ලංකාවට ඉක්මනට එන්නම් කියා බිරිඳ ඇන්ටනිට පැවසුවාය.

පසුගිය 15 වැනි දින උදේ හලාවත ධීවර ජනතාව සිරිත් පරිදි ධීවර කර්මාන්තයේ යෙදුණේ නැත. ඔවුන් ගම් කීපයක්ම එකතු වී ඔවුන්ගේ ධීවර කර්මාන්තයට හදිසියේ පාත්වුණ මාරයා වන තෙල් මිල ඉහළයාමට එරෙහි උද්ඝෝෂණය ආරම්භ කරන්නට විය’ හලාවත මට්ටක්කල්ලිය, රිදීවැල්ල, අඹකඳවිල, සුදුවැල්ල, මැදවත්ත ප්‍රදේශයේ ධීවරයෝ නගරයට යාමට පැමිණියහ.

එගොඩවත්ත ධීවර පිරිසට යුද හමුදා කඳුවර පිිහිටි ස්ථානය පසුකිරීමට ඔවුන් ඉඩදී නොමැති වූ අවස්ථාවේදී යුද හමුදාවත් සමග ධීවර තරුණ පිරිස බහින්බස් වීම දුරදිග ගියහ.
එම සිද්ධිය ඇසින් දුටු අයකු වන නෙස්ටා ප්‍රනාන්දු කීවේ මෙවැනි දෙයකි.
අපේ කට්ටිය යන්න හදනකොට හමුදාවේ කට්ටිය බාධා කරල ආපහු දුවපියව් කියලා අපට බැන්නා. අපි ගියේ නැතිව කීවා අපි යන්නේ රණ්ඩු කරන්න නොවේ කියලා. ඒත් ඒ හමුදාවේ පිරිස අපේ පිරිසට හොඳටම පහරදීලා කඳුළු ගෑස් ගැහුවා. අපේ කීපදෙනෙකුටම වෙඩි තිබ්බා. අපි කලබල වෙලා කීප වතාවක්ම කීවා වෙඩි තියන්න එපා ගහලා හරි ළමයිව හරවල අරින්න කියලා. ඒත් ඒ මිනිස්සු ඇහුවේ නෑ වෙඩි වැදුණ දරුවාව බේරාගන්න තිබුණා අපට රෝහලට අරගෙන යන්න දුන්නානම්. ඒකෙන් අද සිද්ධ වුණේ අහිංසක දරු පැටව් දෙන්නෙක් මේ ගෙදර තනිවුණ එක.

වෙඩි වැදුණු ඇන්ටන් ධීවරයාගේ සිරුර රෝහලට ගෙන යැමට ගිය නිහාල් රන්ජන් ප්‍රනාන්දු

ඇන්ටනී සෙනුග අතරේ ඉන්නවා මම දැක්කේ නැහැ. එක පාරටම වෙඩි තියනවා ඇහිල බැලුවාම පස් හය දෙනෙකු බිම ඇද වැටෙනවා මම දැක්කා. මම පිටුපසින් ඇවිත් අයියත් එක්ක ඇන්ටනීගේ සිරුර ඔසවාගෙන දුවනකොට අපිටත් පුස්වෙඩි තිබ්බා. තවමත් අත්පාවල තුවාල තියෙනවා. කඳුළු ගෑස්, වෙඩි, පොලු පහරවල් අතරේ අපි දෙන්න අමාරුවෙන් ඇන්ටනීව රෝහලට අරගෙන ආවත් එයා එතැනදීම මිය ගිහින්.මියගිය ඇන්ටනී මහතාගේ මවවන මේරිස්ටෙලා මහත්මිය මෙසේ
පැවසුවාය.


මගේ පුතා කෝලහාලකාරයෙක් නෙවෙයි. අවු. 32 ක් මේ හලාවත ඉඳල තියෙනවා. කවදාවත් පොලිසියකට ගොඩවෙලා නැහැ. ඔය තිබුණ උද්ඝෝෂණය බලලා එන්නම් කියලයි ආවේ. මගේ පුතාට ඕවා කරන්න වෙලාවක් නැහැ. එයාගේ නෝනා රට නිසා දරු දෙන්නව බලාගෙන පොඩියට රැකියාව කරගෙන හිටියේ.

ඇන්ටනී ප්‍රනාන්දුගේ අවසන් කටයුතු සෙනසුරාදා හලාවත රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කරන්නට නියමිතය’

මියගිය ඇන්ටනිගේ අවමංගල්‍ය නිවසේ ඡායාරූප එකතුව පහතින් සියල්ල බලන්න










ඇන්ටනි ප්‍රනාන්දු මහතමයාගේ සිරුර රෝහලට ගෙනා පසු (වීඩියෝව)

වෙඩි තැබීමේ සිද්ධිය පිලිබඳ අසල්වාසීන් පලකරන අදහස්
















 Source : GossipLankanews