Wednesday, February 29, 2012

කළු දිය වලේ නිරුවත් මළ සිරුර තවමත් අභිරහසක


පසුගියදා මාතලේ බණ්ඩාරපොළ පාරේ පිහිටි කළුදිය වළකින් හමුවූ ප්ලාස්ටික් දැල් ආවරණයකින් තදට ඔතා සීල් කරන ලද නිරුවත් තරුණියකගේ මළ සිරුර පිළිබඳ තොරතුරු කිසිවක් අනාවරණය කරගන්නට තවමත් පොලිසියට හැකිව නැත’
මෙම අසාමාන්‍ය මළ සිරුර හමුවූ පසු ප්‍රදේශවාසීන් විසින් එහි දැල කඩා දමන්නට උත්සාහ කළත් එය අසාර්ථක වූයේ මෙම තරුණිය මරා දැමුණු පසු ඇගේ සිරුරට තදට දැලක් ඔතා තිබූ බැවිනි’

සිරුර ජලයෙන් මතුවීම වළක්වන්නට එම දැල කිසියම් බර ඇති දෙයක ගැට ගසා වළට දමන්නට ඇති බවට පොලිසිය සැක කළ අතර මෙම වළ පතුලේ තිබුණ කළු ගලක එය ගැටගසා තිඛෙන්නට ඇතැයි දැන් විශ්වාස කරනවා’
කෙසේ වෙතත් ඇගේ සිරුර ප්‍රදේශවාසීන්ට දැක ගන්නට හැකිවූයේ කිසියම් හේතුවක් නිසා සිරුර ගිලිහී වළ මතු පිටට පැමිණ තිබීම නිසයි’
තරුණිය වයස 20-25 අතර කෙනෙකු බවටත් ඇගේ සිරුර මුළුමණින්ම නිරුවත්ව තිබුණ බවටත් වාර්තා වුණා’ ඇය දූෂණය කර ඝාතනයට ලක්වූ බවට පොලිසිය සැක කර තිබුණා’
ඇයගේ සිරුර ගොඩගත් අවස්ථාවේ ප්‍රදේශවාසීන් රැසක් එය වටකර ගෙන සිටි අයුරු දැක්වෙන ඡායාරූප එකතුව බලන්න










































source: Gossiplankanews