Monday, March 05, 2012
පොළවේ වැළලී ලෝක වාර්තාවක් තබන්නට ගොස් තරුණයෙක් මිය යයි
2011 අගෝස්තු මාසයේදී, දැල්වූ ගිනිමැලයක් යට පොළවේ වැළලී පැය 3යි විනාඩි 39 ක් ගත කිරීමෙන් මීරිගම පල්ලෙවෙල මිහිඳුපුරයේ රංජිත් කුමාර ජයසිංහ මහතා ශ්‍රී ලංකා වාර්තාවක් තැබූවා
ඉන් මාසයකට පමණ පසුව එලෙස දැල්වූ ගිනිමැලයක් යට පොළවේ වැළලී පැය 5 ක් ගත කර එම වාර්තාව බිඳ දැමීමට පුජාපිටිය සියපත්ගමෙහි වෙසෙන කේ.එම් හින් බණ්ඩා මහතා මහතා සමත් වූවා.
මෙලෙස පොළොව යට වැළලී එම වාර්තාව බිඳ දමා තවත් ලෝක වාර්තාවක් තැබීමට ගොස් තරුණයෙකු මියගොස් තිබෙනවා.
මියගිය තරුණයා පොලොව යට වැළලී සිට ලෝක වාර්තාවක් පිහිටුවීමට අදාළව පෙරහුරුවක් කර තිබෙනවා. තමා විසින්ම සකස් කර ගන්නා ලද අඩි 10 ක් පමණ ගැඹුරු වලක් තුළට ඊයේ පෙරවරු 9.30 ට පමණ බැස ඔහුගේ මව ඥාතී සහෝදරයෙකු සහ මිතුරෙකුගේ මාර්ගයෙන් ඊයේ උදෑසන 9.30ට පමණ එම කටයුත්ත ආරම්භ කර ඇති අතර පස්වරු 4.00ට පමණ යළි පස් හා ලෑලී ඉවත් කරන ලෙස ඔහු උපදෙස් දී තිබී තිබෙනවා.
පසුව මතුපිට පස් සහ ලෑලි ඉවත් කළ අවස්ථාවේ මෙම තරුණයා සිහි මුර්ජා වී සිටින අයුරු දැක කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කන්තලේ වාන්ඇළ පන්සල් ගොඩැල්ල පදිංචි වී එම්.ජානක කුමාර බස්නායක (24) නැමැති අවිවාහකයෙකි. මියගිය අය සේරුනුවර සිවිල් ආරක්ෂක බළකා කලාප කාර්යාලයට අනුයුක්ත පන්සල් ගොඩැල්ල උප කලාප කාර්යාලයේ සේවය කළ අයෙකි.
කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි නීල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත වාන් ඇළ වැඩලබන සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් වාන් ඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්. එම්. සිරිවර්ධන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
පහත වීඩියෝව නරඹන්න