විනිශ්චය මණ්ඩලය දයාසිරිට ජනතා කැමැත්තා මට
පසුගිය 30 ද (සෙනසුරාදා) රාති‍්‍රය සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනය බොහෝම උණුසුම් වුණා. ඒ ස්වර්ණවැහිනිය වසරක් පුරා රැගෙන ආ මෙගා සිටාර් කිරුළේ හිමිකාරිත්වය වෙනුවෙන්. දෙශපාලන ලෝකයෙන් වගේම කලා ලොකයෙන් දයාසිරි ජයසේකර, අජිත් වීරසිංහ, සුරේෂ් ගමගේ සහ උපේක්ෂා ස්වර්ණමාලි මේ කිරුළ වෙනුවෙන් තරග වෙදුණු අතර අවසන් මොහොත උණුසුම්ම හොරා කිහිපයක් වුණා.

අජිත් වීරසිංහ. මේ නම පවා බොහෝ දෙනෙක් දැනගත්තේ මෙගා ස්ටාර් හරහායි. ඇත්තටම කවුද ඔබ මොකක්ද ඔබේ පසුබිම. ඒ ගෙන අපි කතා කරමු.
ඔව් ඔබ හරි ඇත්තම කිව්වොත් මම මෙගා ස්ටාර් හරහායි බොහෝ දෙනෙක් දැ අඳුන ගත්තේ. නමුත් එයට කලින් ටෙලි නාට්‍ය 25ක විතර මම රඟපාලා තියෙනවා. ඒත් මෙගා ස්ටාර් හරහායි දුප්පත් පොහොසත් භේදයක් නැතිව ජනතාව මට ආදරය කරන්න ගත්තා.
දැන් කවුරු බොහොම මොනවා කිව්වත් ඔබ තමයි අවසානයේ මේ මෙගා ස්ටාර් කිරුළට උරාමකම් කිව්වේ. මොකක්ද ඒ ගැන ඔබේ අදහස.
ස්වර්ණවාහිනිය කළේ දැවැන්ත වැඩක්. දැන් කවුරු කොහොම හිතුවත් මෙගා ස්ටාර් අවසන්. අවුරුද්දක් පුරාම මෙය රැගන ආවා. නමුත් එහි ප‍්‍රතිඵලය විදිහට මහජනතාවගේ කැමැත්ත ප‍්‍රකාශ වුණා. ප‍්‍රසිද්ධියක් ලබාගෙන දිලා තියෙනවා. අද මේ දැවැන්ත වැඩෙන් පසු සුළු පිරිසකගේ විවේචනයට ලක්වුණත් ඔවුන් නොසැලි ඉන්නේ හරි දේ කළ නිසයි. මේ ජයග‍්‍රහණය වෙනුවෙන් මම ඉන්නේ ඉතාම සතුටින්.
බොහෝ දෙනෙක් කියන්නේ අනෙක් තරගකරුවන්ට වඩා ඔබ ඔබටම එස්එම්එස් යවාගන්න සැලසුම් සහගත වැඩපිළිවෙලක් අරගෙන ගියා කියලා.
බොහෝ දෙකනුගේ මතය වුණේ දයසිරිට මේ ජයග‍්‍රහණය හිමියි කියන එක. විනිශ්චය මණ්ඩලය පවා එය ප‍්‍රකාශ කලා. නමුත් එස්එම්එස් නිසා ඔබට මෙගා ස්ටාර් හිමිවුණා. මේ එස්එම්එස් ක‍්‍රමය ගැන මොකක්ද ඔබේ අදහස.
මෙහෙමය් මෙතෙන්ට එදා ආවේ කෑම පැකට් දීලා සිහිය ටිකක් අඩුවෙන්න ඇඟ රත් කරගෙන ඇව පිරිස්. ඒ අය තමන්ගේ පාක්ෂිකයින් වෙනුවෙන් ආවේ. නමුත් තමන් බලාපොරොත්තු වුණ කෙනා පරාජය වුණාම අසිහියෙන් හිටපු ඔවුන්ට මෙස ඉවසන්න බැරිවුණා. ඒ නිසයි බඩු මුට්ටු පොළවේ ගහන්න ගත්තේ. මේක දේශපාලනික තරගයක් වුණා අන්තිමට. නමුත් ජනමතට මොකක්ද කියන දේ ඉස්මතු වුණා.
නමුත් එක් මොහොතකදී විනිශ්චය මණ්ඩලයත් ඔවුන්ගේ සෘජු තීරණ දුන්නේ දයාසිරි ජයසේකරටනේ.
ඕක එදා විතරක් වුණ දෙයක් නෙවෙයි. ඔය විනිශ්චය මණ්ඩලයේ සමහර අය මුල ඉදන්ම කිව්වෙත් පළවැනියත්, දෙවැනියත්, තුන්වෙනියත් දයසිරි කියලනේ. එහෙම විනිශචය මණ්ඩලයක් අපට හිටියේ. නමුත් ඔවුන්ගේ ආකල්පය වැරැදියි කියන එක මහජනතාව ප‍්‍රකාශ කළා. මහජනතාව නිවැරැදි මේකයි කියලා තෝරාගත්තා.
ඔහෙමනම් මෙවැනි තරගවලට විනිශ්චය මණ්ඩලයක් ඕන නැහැ. ඒකත් මහජනතාවටම බාර දුන්න නම් හොදයි කියල ද ඔබ කියන්නේ.
නැහැ මම එහෙම කියෙන්නේ නැහැ. අඩුම තරමේ විනිශ්චය මණ්ඩලය 20 දක්වාවත් වැඩ කරන්න ඕන. ඔවුන්ගේ ප‍්‍රතිචාර ගන්න ඔන. දෙන්නෙක් තුන්දෙනෙක්ගෙන් මේක තීරණය කරන්න අමාරුයි.
හොදයි මෙතැනින් පස්සේ මොකක්ද ඔබේ බලාපොරොත්තුව.
මෙහෙමයි ජයග‍්‍රහණය ගැන මට ලොකු කෑදරකමක් තිබුනෙ නැහැ. එහෙම පස්සෙත් පැන්නුවෙත් නැහැ. මම ළඟ ඇති දේ පවා මිනිසුන්ට දෙන කෙනෙක්. ඉදිරියේදී පවා ඒක ඒ විදිහමයි. චිත‍්‍රපටවල රඟපානවා දිගටම මම.
ඒ කියන්නේ මේ දිනාගත්ත දෙයින් දෙයක් කරන්න ලෑස්ති නැහැ.
ඉදිරියේදි මගේම ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මට ගායන කිරීමේ කුසලතාවක් තිබුනා. ඒ හරහා මට යමක් කරන්න පුළුවන් කියල හිතුවා. ඒ නිසයි මම මෙගා ස්ටාර් සඳහා සහභාගි වුණේ. අද ඒක යථාර්ථයක් වෙලා. ඒ සතුට මේ දිනවල මම බුක්ති විදිනවා.
Source: Silumina Rasadura