Wednesday, July 04, 2012

මට බොඩිගාඩ්ල 8යි වාහනේ ලක්ෂ 400 යි -මාලක සිල්වා








දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයක් වූ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුතු වන මාලක සිල්වා ද කලක් පුවත් මවන චරිතයක් බවට පත්ව සිටියේය.
බොඩිගාඩ්ලා අටක් තියාගෙන ලක්ෂ 400 ක වාහනයක් පදින ඔහු  "මිනිස්සු මොනවා කිව්වත් තාත්තගේ ඇතුල පොඩි ළමයෙක් වගේ" බව කියා සිටිනවා.
මේ විස්තර ඔහු පවසා තිබුනේ ඊයේ මව්බිම පුවත්පතේ "යංග්" අතිරේකයට සපයා තිබූ සම්මුඛ සාකච්ඡාවකදීය.

තාත්තගේ නම?
මර්වින් සිල්වා

ඔබේ සම්පුර්ණ නම?
මාලක සිල්වා

වයස?
වැඩක් නැහැනේ..ඔයා එහෙම ලියන්න..

ඉස්කෝලේ?
සෙන්ට් තෝමස් ගල්කිස්ස

ඉහලම අධ්‍යාපන සුදුසුකම ?
මම ඕලෙවල් කළා.ඊට පස්සේ ඒ ලෙවෙල් කලේ නැහැ, ඇමරිකා ගියා.එහෙදි අවරුදු දෙකක් ග්‍රැෆික් ඩිසයිනින්ග් කරා. ඊට පස්සේ ඕස්ට්‍රේලියා ගිහිනුත් ග්‍රැෆික් ඩිසයිනින්ග් කරා. එත් එකේ භාගයයි.

ඒ භාගෙන් පස්සේ?
ඊට පස්සේ මම නිකන් හිටියා.

ජොබ් එකක් කරනවද?
අමරිකාවෙදිනම් වැඩ කළා. ලංකාවෙනම් ජොබ් එකක් කරලා නැහැ

ඇමරිකාවේ මොකද්ද කල රස්සාව?
ඉලෙක්ට්‍රික් ෂොප් එකක හිටියා. පාර්ට් ටයිම්

එතකොට දැන් ආදායම් මාර්ගය මොකද්ද?
මට වාහන සෙල් එකක් තියෙනවා. තව පිටරට එක්ක සම්බන්ධ පොඩි පොඩි බිසන් ටිකක් තියෙනවා. අද හෙට රෙස්ටුරන්ට් එකක අරින්නත් බලාපොරත්තුවක් තියෙනවා.

දැනට පාවිච්චි කරන වාහනය මොකද්ද?
මට කොහමත් වාහන පිස්සුවක් තියෙනවා. පෝෂ්, බෙන්ස්, රේන්ජ් රෝවර් වගේ දැනට තියෙන හොඳම වාහන මගේ ළඟ තියෙනවා. පෝෂ් දැනට ලංකාවේ තියෙන්නේ දෙකයි.

පෝශේ එක කීයටද ගත්තේ?
ලක්ෂ 300 ක් විතර උනා.දැන් ඊට වැඩියි. අලුත් ඩියුටියත් එක්ක ලක්ෂ 400 ක් විතර ඇති.

කැමතිම ඇඳුම මොකද්ද?ඩෙනිමයි ටි ෂර්ට් එකයි

බ්‍රැන්ඩඩ් ඒවා විතරද අදින්නේ?
එහෙම එකක් නැහැ. බ්‍රැන්ඩඩ් ඒවත් අඳිනවා

නයිට් ලයිෆ් එකක් තියෙනවද?
ඉස්සරනම් දිගටම තිබුනා. දැන්නම් සැහෙන්න අඩුයි.

අයි දැන් අඩු?
දේශපාලන වඩාත් එක්ක ටිකක් අඩු කරලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න අඩුයිනේ. මොකද මගේ ගතියක් තියෙනවා කව්රුහරි මගේ ඇගේ හැපුනත් මට තරහ යනවා.

කොල්ලන්ට නයිට් ලයිෆ් එකක් තියෙන්න ඕනද?
ඇත්තටම තියෙන්න ඕන.ගම පැතිවල කොල්ලෝ පන්සල් යන්නේ මොකටද? පින් කරන්නද? නෑනේ ..කෙල්ලෝ හම්බවෙන්න

තාත්ත ඇමති කෙනෙක් හින්දද ක්ලබ් වල ගහගන්නේ?
ඇඟට ආවොත් මම අතාරින්නෙ නැහැ. මම පටන් ගත්ත ගැටුම් නම් නැහැ.එක්කෝ මගේ යාලුවෙක් වෙනුවන් පටන් ගත්ත එකක් හරි මගේ ඇඟට ආපු කෙස් එකක්.

පුරුද්දක් විදියට උපන්දිනේට මොකද්ද කරන්නේ?
ගොඩක් කල් කලේ පාටි දාපු එක.එත් කොච්චර පාටි දැම්මත් අනාත් නිවාසෙකට ගිහින් කෑම බෙදනවා. පොඩි කාලේ ඉඳල එහෙමයි.

සාමාන්‍යයෙන් උපන්දින පාටියකට කියක් විතර වියදම් කරනවද?
එකනම් බලල නැහැ.කොහමත් මගේ අතින් වියදම් වනවාට වැඩිය තාත්තගේ සම්බන්ධකම් හරහා ලැබෙන දේවල් තමා පාටි වල තියෙන්නේ.එක තමයි ඇමති පුතෙක් වීමේ චාන්ස් එක.

ඇමති පුතෙක් වීමේ අවාසිත් ඇතිනේ?
අපෝ ඔව්. පාඩුවේ හොබී එකක්වත් කරගන්න නැහැ.

නයිට් ක්ලබ් කියක සමාජිකත්වය තියෙනවද?
මම ඕනෑම ක්ලබ් එකකට යනවා. ඔක්කොම අඳුරනවානේ.

පෙම්වතියක් ඉන්නවද?
ඉන්නවා

ස්ථිරද? තාවකලිකද?
එක නම් හරියට කියන්න බැහැ. මිට කලිනුත් ඉඳල තියෙනවා. මොනවා වෙයිද කියල හරියටම කියන්න බැහැනේ. මම හිතාගෙන ඉන්නවා මේකත් හරියයි කියල.

රටවල් කීයකට ගිහින් තියෙනවද?
පහළොවකට විතර

කැමතිම රට?
ඔස්ට්‍රේලියාවට කැමති. ආසියාවේ බාලි වලට කැමති.

ඇයි ඒ?
ඔස්ට්‍රේලියාව මගේ ගෙදර වගේ. ගොඩක් යාලුවෝ ඉන්නේ එහෙ. බාලිවල ලස්සන බීච් එකක් තියෙනවා. එහෙ මිනිස්සුත් හොඳයි.

ලංකාවේ මිනිස්සුන්ට වඩා?
ඒ වගේ තමයි.

ලංකාවේ කැමතිම හොටෙල් එක මොකද්ද?
සිනමන් ග්‍රෑන්ඩ් එක

විශේෂයක් තියෙනවද?
මම ස්කොෂ් ගහන්න යන්නේ එතනට, පුල් එකකුත් තියෙනවා. අනික එතන රෙටුරන්ට් ජාති හය හතකුත් තියෙනවා. එතන තමයි අපේ යාළුවො සෙට් වෙන තැන.

ඇමති පුතෙක් කියල කියන්නේ ආඩම්බරෙන්ද?
එකේ අලුතින් ආඩම්බර වෙන්න දෙයක් නැහැ

තාත්ත ගැන මොකද හිතන්නේ?
මිනිස්සු මොනවා කිව්වත් තාත්තගේ අතුල පොඩි ළමයෙක් වගේ. ආශ්‍රය කරලා බලන්න. ඔය කියන ජාතියේ තාත්ත කෙනෙක් නෙවෙයි.

ඉස්සරහට දේශපාලනය කරනවද?
මින්ස්සු කතාකොලොත් කරනවා

තාත්ත මොකද කියන්නේ?
මට ඕන දෙයක් කරන්න පුළුවන්. බලකිරීමක් නැහැ

කවදාහරි පෝයට සිල් අරන් තියෙනවද?
නෑ.ඇත්ත කියන්න එපයි. අනෙක අපේ තාත්තට වගේ මට එකතැන වාඩි වෙලා ඉන්න බැහැ.

ඔබේ ආරක්ෂාවට කි දෙනක් ඉන්නවද?
මට ඉන්නේ ප්‍රයිවට් කට්ටිය

කි දෙනෙක් විතරද?
අටක් විතර ඉන්නවා

දේශපාලනයට එන්නත් කලින් මොකටද ආරක්ෂකයෝ?
කියන්න බැහැනේ. මොනවහරි කෙස් එකක් ගියොත්



 






























සටහන - ශාලික විමලසේන
ජායාරුප - සරත් කුමාර

කෝපි කෝප්ප දෙකයි...දීර්ඝායුෂ







දිනකට කෝපි කෝප්ප දෙකක් පානය කිරීමෙන් නිරෝගී හදවතකට හිමිකම් කීමට හැකිවන බව බොස්ටන් හි ඩෙකෝනස් වෛද්‍ය මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තිබේ.

මේ පරීක්ෂණයට අනුව කෝපි බීමට පුරුදුවූවන් හට අන් අයට වඩා සියයට 40 ක් පමණ හෘදයාබාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩු වන බව තහවුරු කරගෙන ඇත. හෘදයාබාධවලට ගොදුරු වී ඇති බවට වෛද්‍ය නිර්දේශ ලබා ඇති කාන්තාවන් හා පිරිමින් විශාල සංඛ්‍යාවක් මේ පර්යේෂණය සඳහා සහභාගී කරගෙන ඇත.

පර්යේෂකයන්ගේ තොරතුරුවලට අනුව අධිරුධිර පීඩනය හා දියවැඩියාව අඩු කිරීමට හේතුවන කෝපි මඟින් ආබාධයකට ලක් වූ හදවතකින් ශරීරය පුරා රුධිරය පොම්ප කිරීමට දරන අරගලය සඳහා සහනයක් සලසයි. මේ නිසා කෝපි පානය දීර්ඝායුෂ ලැබීමට ද හේතු වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

හෘදය රෝග, ශ්වසන රෝග, ආඝාතය, තුවාලවීම්, හදිසි අනතුරු, දියවැඩියාව, ආසාදන වැනි බොහෝ අවස්ථාවලදී ඇතිවන දුෂ්කරතා මඟ හරවා ගැනීමට කෝපි ඉතා වැදගත් වෙයි. එහෙත් කෝපි පිළිකාව වැළැක්වීම සඳහා හේතුවන පානයක් ලෙස පිළිනොගැනේ.







Source : Silumina

Wednesday, June 20, 2012

මිස් ඒසියා පැසිෆික් කිරුල ඉන්දියාවට

පසුගියදා කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වූ  2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ හිමන්ගනී සින් යාදු හට හැකිවී තිබෙනවා.

එම තරඟයට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ගයේෂ පෙරේරා Miss Personality & Best National Costume යන අංග දෙක යටතේ  ජයග්‍රහණය කර තිබෙනවා.

අවසන් තරඟයේ ජායාරුප  පහතින් බලන්න 








































Gossip9

Monday, June 11, 2012

ගයේෂා ආසියා පැසිපික් රූ රැජින තරගාවලියට











රංගන ශිල්පිනියක් මෙන්ම රු රැජිනක් වූ ගයේෂා පෙරේරා මෙවර කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වෙන 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.

හුදෙක් රූ රැජින තරගාවලියකට පමනක් සීමා නොවී ගායන, රංගන, නිරූපන ආදී වූ ක්ෂේත්‍රයන ගණනාවක් මෙම තරඟය ඔස්සේ ඉදිරිපත් කිරීමට නියමිත වේ.

මෙම තරගාවලිය ජපානය සහ කොරියාව යන රටවල් ද්විත්වයෙහි සමදායකත්වය සහිතව පැවැත්වෙන අතර අවසාන වටයට සුදුසුකම් ලබන තරගකාරිනියන් 15 දෙනා ජපානයේ ටෝකියෝ බලා පිටත් වනු ඇත.

ජයග්‍රාහිකාව පසුගිය තරගාවලියේ ජයග්‍රාහිකාව වූ ඩයනා ස්ටාකොවා වෙතින් මිස් ආසියා පැසිපික් කිරුළ පළදිනු ඇත.

ගයේෂා පෙරේරා, 2006 මිස් ඉන්ටනැෂනල් තරගාවලියද 2009 මිස් ටුවරිසම් ක්වින් ඉන්ටනැෂනල් තරගාවලියද නියෝජනය කල අතර 2009 දී ඇය මිස් ටැලන්ට් කිරුළ හිමි කර ගැන්ීමට සමත් වූවාය.

එම තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගයේෂා ගේ ජායාරූප එකතුවක් පහතින් බලන්න 



























Source:- gossip9

පබෝදාට සුභ මංගලම්

ජනපි‍්‍රය නිලි පබෝදා සන්දීපනී සහ ව්‍යාපාරික සිදත් බණ්ඩාර අතර විවාහය පසුගියදා කොළඹ ජේක් හිල්ටන් හෝටලයේදී  පැවැත්විනි. මෙම පි‍්‍රය සම්භාසනයට කලාකරුවන් ඇතුළු අමුත්තන් 600 කට වඩා සහභාගි වූහ. මෙම සම්භාසනය මෑත යුගයේ පැවැත්වුණු වැඩිම කලාකරුවන් පිරිසක් සහභාගිවූ උත්සවයයි.


පහතින් ඡායාරූප හා වීඩියෝව බලන්න