
දේශපාලන බලපෑම් නිසා ජයසූරිය තරගාවලියට එක්කර ඇති බවත් ක‍්‍රීඩා පිටිවල සූදානම ප‍්‍රමාණවත් නැති බවත් මින් ඉහත වාර්තා විය.
ලෝක කුසලානය නිසා පළාත් පාලන මැතිවරණ කොටසක් කල් යයි
අර්ජුනගේ ඉල්ලීමට කන් දෙයි
මේ අතර ඊයේ හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියේ ලෝක කුසලාන සමයේ මෙරට පිළිබඳ ලෝක අවධානය වැඩි බවත් රජය මාර්තු මාසයේ මැතිවරණ පවත්වන්නට යාමෙන් එම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් වැරදි ප‍්‍රතිරූපයක් ලෝකයට යාහැකි බවත්ය.
මෙම ඉල්ලීමට රජය ඇහුම්කන්දුන් බවක්ද ඊයේ සවස වාර්තා වුණා. ඒ අනුව අද විසුරුවා හරින්නට නියමිත පළාත් පාලන ආයතනවල ඡුන්ද පැවැත්වීමේදී ලබන මාර්තුවේදී කොටසක්ද පසුව තවත් කොටසක්ද පවත්වනු ඇති බවත් ලෝක කුසලාන තරග පවත්වන ප‍්‍රදේශවල මැතිවරණය කල්දමන්නටද ඊයේ පැවති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභා රුස්වීමකදී ජනපතිවරයා කතාබහ කර තිබෙනවා.