හෙට සනත් ජයසූරිය හා අරවින්ද සිල්වා සහභාගි වීමට නියමිත ඉන්දියාවේ සුහද ක‍්‍රිකට් තරඟාවලියක් සම්බන්ධයෙන් ලංකා විරෝධී දෙමළ බලවේගයේ නායකයෙකු හා චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වන සීමාන් දැඩි විරෝධය පළ කර තිබේ
හෙට චෙන්නායි නගරයේ මායාජාල් නම් ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එම තරඟයේදී

ඔහුගේ විරෝධය අරවින්දට නොව සනත්ට එල්ලවී ඇත්තේ සනත් දේශපාලකයෙකු යයි කියමිනි.ඔහු පවසන්නේ අවතැන් කඳවුරු වල තවමත් දෙමළ ජනතාව දුක් විඳින බවත්, එවැනි අවස්ථාවක ශ‍්‍රී ලංකා ජනාධිපති විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ඉන්දියාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම සඳහා එවීමෙන් දෙමළ ජනතාව පිළිබඳ වන නොසැලකිල්ල පෙන්නුම් කර ඇති බවකි.
සනත් ජයසූරිය තරගයෙන් ඉවත් කරන ලෙස තමිල්නාඩු රජයෙන් හා සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින බවත්, එසේ නොවුනහොත් ක‍්‍රීඩාංගණය වටලා විරෝධතාවයක නිරතවන බවත් සීමාන් පවසයි.
ලංකාවේ දෙමළ ජනතාවට හිරිහැර සිදුවන බව පවසමින් පසුගිය අවසාන යුද සමයේ ඉන්දීය කලාකරුවන් රැුස්කර විරෝධතා පැවැත්වූයේද මොහුය.