Saturday, February 26, 2011

බජිරි කැව්වට සොරි ළහිරු

ශ‍්‍රී ලංකා ලෝක කුසලාන නිල තේමා ගීත යයි කියාගන්නා ගීත රාශියක් පසුගිය කාලයේ නිර්මාණය විය.මේ අතර වේග රිද්මයෙන් ගායනය කළ ළහිරු පෙරේරාගේ එන්න එන්න (බජිරි) ගීතය බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් විය. ලෝක කුසලානය අරඹන්නට පෙර සති ගණනාවක සිටම විවිධ නාලිකා ඔස්සේ කටපාඩම් වන තුරු මෙම ගීතය ප‍්‍රචාරය විය.රජයට සම්බන්ධ මොබිටෙල් ටෙලිකොම් මෙම ගීතය නිර්මාණය වෙනුවෙන් වියදම්ද කර තිබිණි.
එහෙත් ලෝක කුසලානය ඇරඹී දින කිහිපයක් ගතවූ පසුව හිටි අඩියේ මේ ගීතය නවතන්නට ඉහළ නියොගයක් ලබාදී තිබුණ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැක්වූයේ මෙම ගීතය කණ්ඩායම දිරිමත් කරන 'චියර් ගීයක්’ වුවත් මෙහි වචන සම්බන්ධයෙන් ගැටලූ පවතින බවත් අනෙක් කණ්ඩායම් වලට මෙමගින් අනවශ්‍ය ලෙස පහර ගසන බවත්යගඒ නිසා ඒ වෙනුවට මාතෘ භූමියේ අභිමානය හ`ගවමින් සාවදානව ගයන රූකාන්ත ගැයූ ගිතයට වැඩි ප‍්‍රමුඛතාවයක් දෙන ලෙසද ඉහළින් උපදෙස් ලැබී තිබිණි. මෙම තීරණය සමග සියලූ මාධ්‍ය මගින් මෙම ගීතය ප‍්‍රචාරය නවතන ලදි.
අද සවස ජනප‍්‍රිය ගායක ළහිරු පෙරේරා මාධ්‍ය අමතා මේ ගැන කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ඔහුගේ ගීතය ගැන කිසිවකු වැරදි අවබෝධයක් ඇති කරගත්තේ නම් හදවතින්ම කණගාටු වන බවත් ඔහු එම ගීතය ගැයුවේ බිග් මැච් එකක තම කණ්ඩායමට චියර් කරන ආකාරයට උද්යෝගය මතු කිරීමට මිස කිසිවකුට පහර ගැසීමේ අරමුණින් නොවන බවත්ය.තමන් මින් පෙර ගැයූ රම්බරීල රතුරටකජු වැනි ගීතද මේ රිද්මයේම ගීත වන බව කියූ ළහිරු කෙසේ වෙතත් මෙම ගීය ප‍්‍රචාරය නවතා දැමීමේ තීරණය ගැන තමා එකග වන බවත් කිසියම් පාර්ශ්වයකට වරදක්ව ඇති නම් සමාව ඉල්ලන බවත්ය.
ළහිරු ගැයූ ගීතයේ පද වැල පහතින් බලන්න.මෙම ගීතය රචනා කරන ලද්දේ මනුරංග විජේසේකරයි.


 වීඩියෝව මෙතැනින් බලන්න