දුමිරිය උඩින් ගියත් නොමැරුණ මිනිසෙක්
මැදිරි 12කින් යුත් සාගරිකා දුම්රිය පානදුර, පින්වත්ත දුම්රිය පොල අසල දුම්රිය මාර්ගයේ නිදා සිටි මිනිසෙකු උඩින් ධාවනය වී ඇතැයි වාර්තා වේ.
අදාළ පුද්ගලයා දුම්රිය ගිය පසු ඇගේ සීරීමක් නැතිව නැගිට අතැයි පැවසේ.
සාගරිකා දුම්රිය කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන සීඝ‍්‍රගාමී දුම්රියක් වන අතර එය දුම්රිය මැදිරි 12 කින් සමන්විතය.
සාගරිකා දුම්රිය පානදුර දුම්රිය ස්ථානය පසුකර කිලෝමීටර් කිහිපයක් යද්දී දුම්රිය මාර්ගය මැද මිනිසෙකු නිදා සිටිනු දැක රියදුරා තිරිංග තදකර ඇතත් දුම්රිය නතර වී ඇත්තේ එම පුද්ගලයා පසුකර ගොස්ය.
පසුව රියදුරු දුම්රියෙන් බැස බලද්දී දුම්රිය මාර්ගයේ නිදා සිටි අය අතපය ගසා දමා ඇවිදගෙන යනු දුටු බව පැවසේ.
අදාළ තත්ත්වය හේතුවෙන් සාගරිකා දුම්රිය දකුණු කළුතරට ළඟාවීමේදී සුළු ප‍්‍රමාදයක් ඇතිවී තිබේ.