තමන්ගේ ශරීරයේ මහ පුරුෂ ලක්ෂණ ඇති බව පැවසීම සෝවාන් හා සකෘදාගාමී වූ බව පැවසීම, ටී ෂර්ට් ඇඳන් සිටි ජායාරූප ප්‍රසිද්ධියට පත්වීම,ආදිය උන්වහන්සේ කළේ හුදෙක් ලාබ ප්‍රසිද්ධිය සඳාහා උපක්‍රම බව පසුගිය 5 වෙනිදා සිරි සදහම් ආශ්‍රමයේ දී පැවැත්වූ වැඩසටහනකදී ප්‍රකාශ කර ඇත.
එය විස්තර කල අයුරු හා මුළු වීඩියෝව පහතින් බලන්න
ප්‍රසිද්ධිය ගන්න ඒවා තියනවනේ, ඒවා හිටි ගමන් බෝල කරලා දනවා කාපං කියලා. අරවා කාල දිරවගන්න බැරුව අහුවෙන අහුවෙන එකාට දිදී දුවනවා.
අර රිටිගල ගිහිල්ල කැලේ සිවුර නැතුව හිටිය ෆොටෝ එක දාලා පබ්ලිසිටි එක දුන්නනේ. දැක්කද ඒක ගත්ත විදිහ. දැක්කද ඒවා ගන්න විදිහ. අපි ම ඒ පෝස්ටරේ ගැහුවා. (හිනාවෙමින්...) දැන් එතකොට එපා වෙන්නේ නැද්ද?........ ලැජ්ජාවක් නැහැනේ. ඒ වගෙ අයට මොකුත් කරන්න නරකයි.
දැන් පබ්ලිසිටි එක දුන්නනේ. මේවා ඉගනගන්න මගෙන්. කවදාවත් කාගෙන් වත් ඉගනගන්න වෙන්නෙ නෑ. බනිනකොට සද්ද නැතුව ඉන්න......බනිනකොට කාට හරි කීයක් හරි දීලා පුළුවන් නම් පත්තරක් හරි අච්චු ගස්සවලා, නැති ඒවත් දාලා බන්නගන්න.
ඉස්සරලා විරුද්ධව පෝස්ටර් ගහන්න දෙනවා. ගහලා සමාජ මතයක් හදනවා....අපි ගැහුවේ ඊයේ අර මුළු කොළඹම පෝස්ටරයක්. වැඩක් නැහැනේ දැන් අර කලින් කරපුවා ඔක්කොම තේරෙන්නේ නැද්ද?
ඒකයි කියන්නේ මං වගේ මිනිහෙක් එහෙම රජ වුනොත් එහෙම අවුරුදු 2,000 කටවත් රජකම අත් හරින්නේ නෑ.
සමහර පත්තරකාරයෝ දැම්මා "පිටිදූවේ සිරිධම්ම හිමියන්නේ අනාගතය කොතනටද?" මම දන්නෙත් නෑ මගේ අනාගතේ උන් දන්නවා. තේරෙන්නේ නැද්ද මුන්ට පිස්සුයි කියලා....පුස් වෙඩිල්ලක්. බනින එකමයි හොඳ. විශාල ප්‍රසිද්ධියක්.
ඔහෙලා කියන්නේ මම කොහේ හරි ගියත් වාහනේ නවත්තනවනේ. සීයක් දෙසීයක් වටේ එකතු වෙනවා වාහනේ වටේ. ඔබ වහන්සේට බනින්නේ මොකෝ මේ තරම් කියළා. ඉතින් ඒකම මදිද....(සිනා වෙමින් )
මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියනවනේ. මම මෙච්චරකල් කිව්වේ නෑ. මොකෝ වැඩක් තියනවයැ පේන්නේ නැති දේවල් කියලා නැත්නම් පෙන්නන්න වෙනවනේ මෙහෙම සිවුර උස්සලා
දැන් දැම්මනේ ඔක්කොම ටික. දැන් මම කියන්නේ මොකක්ද, මේ තියෙන්නේ මෙක කිය කිය අර ඔක්කොම මහා පුරුෂ ලක්ෂණ ටික කියනවා. දැන් එතකොට මොකක්ද ම දාගත්ත බල්දිය...අර පින්තූරේ දාන්න ගිහිල්ලා.
ඉතිරි කොටස විඩියෝවෙන් බලන්න
Source : Gossip9