Thursday, March 08, 2012
කහවත්ත ද්විත්ව ඝාතයා සොයා ගනියී
පසුගිය ජනවාරි මාසයේ 31 වනදා හදුනා නොගත් මිනිමරුවකු විසින් පී.ජී. නයනා නිල්මිණි (52) සහ එස්.එම්. කාවින්දි චතුරංගනි (18) යන මව සහ දියණිය දෙදෙනාම දුෂණය කර මරා දමා තිබුණි.
මෙයත් සමගම කහවත්ත ප්‍රදේශය යලිත් බියෙන් ඇලලී ගියේය.පුද්ගලයන් 100 දෙනෙකුට අධික ප්‍රමාණයක්ගෙන් කට උත්තර ගත අතර මේ සඳහා සමාජ විද්‍යා වාර්තාවක් සකස් කරන ලෙසටද උපදෙස් ලැබුණි.එහෙත් කුරිරු ඝාතකයා පොලිසියට හසුකර ගැනීමට නොහැකි වුනි.ඔහු අපරාධය වූ ස්ථානයේ කිසිදු සලකුණක් ඉතිරිකොට තිබුනේද නැත.
නමුත් ඊයේ දිනයේදී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.එහිදී ප්‍රධාන සැකකරුවන් වුයේ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම් එල්. එම්. ධර්මසිරි මහතාගේ සොහොයුරෙකුය.
එම පුද්ගලයා මිට පෙර අවස්ථා වලදී ප්‍රශ්නකිරීම් වලට ගෙන ආවත් වැදගත් තොරතුරක් හෙලිකරගැනීමට නොහැකිව තිබුණි.නමුත් ඊයේ දිනයේදී පොලිසියට කොටුවීමත් සමග කහවත්ත ඝාතනය සිදුවූ අයුරු ඔහු පාපොච්චාරණය කොට ඇත.
ඒ අනුව එම ඝාතනය සිදුකොට ඇත්තේ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම් එල්. එම්. ධර්මසිරි මහතාගේ වුවමානාව මතය.
ඔහු මිය ගිය අයගේ පවුලේ ඥාතියෙකුද වේ.ජනවාරි 31 වනදා රාත්‍රියේ ඔවුන් දෙදෙනා එම නිවසට ගිය බවත් නිවස තුලදී මවත් දියණියත් ඝාතනය කල බවත් පසුව දියණිය අසල කැලෑවට ගෙනවිත් ඔවුන් විසින් දුෂණය කල බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. එම්. ධර්මසිරි මහතාගේ සොහොයුරා හෙළිකොට ඇත.
මේ වනවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හා ඔහුගේ ඥාතීන් ගමෙන් පලා ගොසිනි.ඔහුට දේශපාලන බලවතෙකුගේ සහය ලැබෙන බවට ප්‍රදේශවාසින් විශ්වාස කරයි.සැකකරු අත් අඩංගුවට ගැනීමට ප්‍රමාද වුයේද එම දේශපාලන මැදිහත්වීම නිසා බවද ප්‍රදේශ වාසින් පෙන්වා දුන් අතර ඊයේ දිනයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් ප්‍රීතියට පත්වූ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස ඇතුළු නිවාස හතරකට ගිනි තැබිය.