Wednesday, April 25, 2012
ආදරය මමත් අත්විඳල තියනවා
පුංචි තිරයේ වෙළෙඳ දැන්වීම් කීපයකින් ම දිනපතා ම අපගේ නිවෙසට පැමිණෙන යුරේනි ටෙලිනාට්‍ය කීපයකින් ම තම රංගන හැකියාව මනාව පෙන්නුම් කළ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස හැඳින්විය හැකි ය.
මොනවගේ වැඩ කටයුතු වල ද මේ දිනවල ඔබ නිරත වෙලා ඉන්නේ...
කලා කටයුතු පිළිබඳව සඳහන් කරනවා නම්, චාමර පීරිස්ගේ ‘පියවි’ ටෙලිනාට්‍යයේ රංගනයට සම්බන්ධ වෙලා ඉන්නව මේ දිනවල. ‘පියවි’ කොටස් 40 කින් පමණ සමන්විත ඉතාම ලස්සන ටෙලිනාට්‍යයක්. ඒ වගේ ම චිත්‍රපටයක තිර පිටපතක් පිළිබඳව මේ දිනවල හදාරමින් ඉන්නව. ඊට අමතරව වෙළෙඳ ආයතන කීපයක ප්‍රචාරන වැඩ එක්ක සම්බන්ධ වෙලා රට වටා යනව. ඒ නිසා තරමක් මේ දිනවල කාර්ය බහුලයි.
ඔබ කලාවට පිවිසුණු ආකාරය සිහිපත් කරමු...
2006 අවුරුද්දේ ‘මිස් ටුවරිසම්’ කිරුළ හිමි වුණේ මට. ඉන් පසුව මම මෝස්තර නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වුණා. මෝස්තර නිරූපණ ක්ෂේත්රයේ මාස තුන හතරක් විතර වැඩ කරන විට මට සිරස නාලිකාවේ ‘කිඳුරංගනා’ ටෙලිනාට්‍යයේ රංගනයට ආරාධනයක් ලැබුණා. ඒ තමයි මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. ඉන්පසුව මම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායක වුණා. එහෙමයි මම කලාවට පිවිසුණේ.
ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ මොනවාද?
කලා නිර්මාණ විශාල සංඛ්‍යාවකට මම තවම දායක වෙලා නෑ. ‘අයාල්’, ‘පිංගල දනව්ව‘, ‘සඳ සාක්කි’, ‘කිඳුරංගනා’ වැනි ටෙලිනාට්‍ය වලටත් චිත්‍රපට දෙකකටත් මට රංගනයෙන් දායක වෙලා තියෙනව. හැබැයි චිත්‍රපට දෙක නම් තවම තිරගත වුණේ නෑ.
ඔබ රඟපාන්න ආශාවෙන් සිටි කෙනෙක්ද?
කොහෙත් ම නෑ. මම පාසල් ගියේ කොළඹ මෙතෝදිස්ත විදුහලට. පුංචි කාලෙ මට තිබුණු හීනය තමයි නීතිඥවරියක් වෙන්න. මම රංගනයට පිවිසුණේ ඉතා අහම්බෙන්.
පසුගිය කාලෙ ඔබ ලංකාවෙ සිටියෙ නෑ නේද?
ඔව් පසුගිය අවුරුදු එක හමාරක පමණ කාලයක් මම ලංකාවෙ හිටියෙ නෑ. රංගනයට පිවිසුණු දා ඉඳල මගේ බලාපොරොත්තුව තමයි ජාත්‍යන්තර තලයේ මගේ රංගන දස්කම් පෙන්වීම. ඒ සඳහා පසුගිය කාලය මම වැය කළා. ඒ නිසයි මම පසුගිය කාලෙ ලංකාවේ නොසිටියෙ. ඒ ගැන විස්තර වැඩිපුර දැන්ම කියන්න බැහැ. වෙලාව ආවාම ඒ ගැන තොරතුරු ඔයාලට කියන්නම්.
ගැමි චරිතයක් රඟපාන්න ඔබ ආසා නැද්ද?
මම හරිම ආසයි ගැමි චරිතයක් රඟපාන්න මට මෙතෙක් ලැබී තියෙන්නෙ නාගරික පන්නයේ චරිත.
අපි එක නිර්මාණයක චරිතයක් නිරූපණය කළාම ටෙලිනාට්‍ය චිත්‍රපට අධ්යක්ෂවරු අපට අඬ ගහන්නෙ ඉස්සර වෙලා කළ ආකාරයේ චරිතම රඟපාන්න. මේ වනතුරු කිසිම අධ්යක්ෂවරයෙක් මා තුළින් ගැමි චරිතයක් දැකල නෑ. ඒ ගැන මට හරිම කනගාටුයි. මම කැමැතියි විවිධ චරිත රඟපාන්න. රංගනයට මා තුළ කිසියම් හැකියාවක් තියෙනව නම් එය පෙන්වන්න. නමුත් ඒකට තවම අවස්ථාවක් ලැබිල නෑ.
ඔබට යහළු යෙහෙළියො විශාල සංඛ්‍යාවක් ඉන්නවද?
නැහැ. විශාල පිරිසක් මම ළඟින් ඇසුරු කරන්නේ නෑ. අතේ ඇඟිලි සංඛ්‍යාවටත් වඩා අඩු සංඛ්‍යාවකුයි මම ළඟින් ඇසුරු කරන්නේ. මට විශ්වාසවන්ත අයත් එක්ක ඉන්නවිට මම ආරක්ෂිතයි කියල මම හිතනවා.
යෞවන ප්‍රේමය ගැන ඔබටත් අදහසක් ඇති...?
යෞවන ප්‍රේමය මමත් අත්විඳල තියනව. සමහර වෙලාවලට යෞවන ප්‍රේමය කටුක වන අවස්ථා තියෙනව. නමුත් ප්‍රේමය හරිම සුන්දරයි. තමන්ට ගැළපෙන කෙනා ලැබුණොත් ඒක වාසනාවක්.
ඔබේ අනාගත බලාපොරොත්තු...?
රංගනයෙන් ජාත්‍යන්තර තලයට ඒම මගේ එක් බලාපොරොත්තුවක්. ඒ වගේ ම පුළුවන් විදියට අනුන්ට උදව් කරගෙන පාඩුවේ ජීවත්වීමයි මගේ අනෙක් බලාපොරොත්තුව.
Source : silumina