Thursday, April 26, 2012

පහ වසර ශිෂ්‍යත්වයෙන් ජනපි‍්‍රය පාසල් කරා යන්න බෑ









පහ වසර ශිෂ්‍යත්ව විභාගය අඛණ්ඩව පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මවුපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අයුරින් එම විභාගය පවත්වාගෙන යාමට ඉදිරියේදී කටයුතු කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිටත් ශිෂ්‍යත්ව විභාගය සඳහා අවශ්‍ය දැනුම සහ විෂය නිර්දේශය සහිත පොතක් අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව මුද්‍රණය කර ඇතැයිද කී ඇමතිවරයා විෂය නිර්දේශයට අදාළව, ඉගෙනුම් ඉගැන්වීම්වලට අදාළව ප්‍රශ්න පත්‍ර සකස්කරන බවද කීවේය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු පාර්ලිමේන්තු කාරක සභාවට ලබන මාසයේදී ඉදිරිපත් කරන බව කී බන්දුල ගුණවර්ධන මහතා ජනපි‍්‍රය පාසල් කරා යොමුවීමේ විභාගයක් ලෙස ශිෂ්‍යත්ව විභාගය නොපවත්වන බවත් කීය. ජනපි‍්‍රය පාසල් සෙවීම ද්විතීයික පාසල් 1000 සහ පාසල් 5000 නිර්මාණය වීමෙන් අනතුරුව ඉවත්වන බව කී ඇමැතිවරයා 5 වසර ශිෂ්‍යත්ව විභාගය සාධන මට්ටම් විභාගයක් ලෙස පවත්වන බවද කීය. ඇමතිවරයා මේ කරුණු අනාවරණය කෙළේ ඊයේ (25) අධ්‍යාපන අමාත්‍යංයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.





Source : dinamina