Friday, May 04, 2012
තව සතියකින් උදාරි මවක්
ටෙලි නාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය සිය කුළුඳුල් දරු උපත සිදු කරන්නට යන්නේ ලබන සතියේය.ඇය ඒ සඳහා ඇගේ සැමියා වන වෛද්‍ය සුජිත් රාජකාරී කරන සිංගප්පූරුවට යන්නට මේ දිනවල සූදානම් වන බව ආරංචියි.
අද සරසවිය පුවත්පත් ලිපියකට ඇය අදහස් දක්වමින් පවසා තිඛෙන්නේ දරු උපතින් පසු මාස තුනක් පමණ ඒ රටේ පදිංචිව සිටින්නටත් ඇය බලාපොරොත්තු වන බවය. ඇයට ලැඛෙන්නට සිටින දරුවා දියණියක බව ස්කෑන් පරීක්ෂණයෙන් ආරංචි වුණ නමුත්
පුතෙකු හෝ දියණියක විශේෂත්වයෙන් තොරව භාරගන්නට සූදානමින් සිටින බවද ඇය කියනවා.
"තවම නමක් හිතල නැහැ.."ස"අකුරෙන් නමක් යොදනව..ඒ සැම්යගෙ නම"ස" යන්නෙන් පටන් ගන්න හින්දා"
දරුවා කවදා හෝ ර`ගපාන්නට එනවා නම් එයට ඉඩ දෙන්නට කැමති බවද ඇය දැන්ම සිටම පුවත්පතට පවසා තිඛෙනවා.
"ඇගේ ආසාවට ඉඩ දෙනව.. හැබැයි තව අවුරුදු විස්සකින් විතර මේ ක්ෂේත්‍රය කොයි වගේ තැනක තියේනවිද දන්නේ නැහැනේ..ඒ තත්වය බලලයි ර`ගපාන්න යවන්නෙ"
විවාහය නිසා ජනප්‍රියත්වය අඩු වුවාදැයි ඇයගෙන් ඇසූ විට
"මං බැන්ද කියල ජනප්‍රියත්වය අඩුවුනේ නෑ’වැඩිවුණා මිසක’’පසුගිය අවුරුද්දෙ සුමති සම්මාන උළෙලෙ ජනප්‍රියම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වෙද්දිත් මට බබා ලැඛෙන්න ඉන්නවා’’මේ අනුව බලද්දි මවක් වුණ පසුව ජනනප්‍රියත්වය අඩු නොවේ කියල මං විශ්වාස කරනවා’
යයි කියන ඇය යළි ර`ගපාන්න එන්නේ කවදාදැයි පුවත්පත විමසද්දී කියා තිඛෙන්නේ "හැකිතාක් ඉක්මණට රංගනයට එනවා කියල කියන්න..... ලෙසිනි’