Thursday, January 27, 2011

ඉන්දියාව සහ ලංකාව ඉදිරියෙන්

ලෝක කුසලාන ඔට්ටු ඇල්ලීම් වලදී
ඉන්දියාව ලංකාව ඉදිරියෙන්
ක‍්‍රිකට් ලෝක කුසලානය කරලියට ඒමත් සමග දැන් ඔට්ටු අල්ලන්නන්ගේ ව්‍යාපාරික කටයුතුත් ගජරාමෙට ඉහළ ගිහින්.මෙම ඔට්ටු ඇල්ලීම එක් අතකින් ලෝක කුසලානය ජයගන්නා අය දැනගැනීම පිළිබඳ සාර්ථක අනාවැකියක්.මෙයට හේතුවන්නේ, ඔට්ටු අල්ලන්නන් මුදල් යොදවන්නේ තමන්ගේ රට ගැන ජාතිමාමක හැ`ගීමක් හෝ පක්ෂපාතිත්වය ප‍්‍රකාශ කිරීමේ අරමුනකින් නොවීමයි. ඔවුන් මේ දිනවල එක් එක් කණ්ඩායම් ක‍්‍රීඩාකරන විලාශය හා කණ්ඩායම් ශක්තිය පිළිබඳ හොඳින් සොයා බලා ඔට්ටු අල්ලන්නේ තමන්ට වාසි ලබා ගැනීමේ අරමුනින්.
ලෝක කුසලානය ජයගන්නේ කවුද යන්න ඔට්ටු ඇල්ලීම සිදු කරන ප‍්‍රබල ආයතන කිහිපයකම අද (ජනවාරි 27* වන විට ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ඉදිරියටම පැමිණ තිබුණා. බෙට් 365 ආයතනය ඉන්දියාව 10/3 ක් හා ලංකාව 9/2 ලෙස මෙය වාර්තා වුණා.තුන්වෙනි තැන එංගලන්තය හා 4 වෙනි තැන දකුනු අප‍්‍රිකාවට ලැබුණා.

ඒ කණ්ඩායම ජයගන්නා අනුපිළිවෙළ ලෙස ඔට්ටු අල්ලන්නන් නම් කර තිබුනේ ලංකාව  ඕස්ටෙ‍්‍රලියාව පකිස්තානය හා නවසීලන්තය ලෙසයි.....
බී කන්ඩායම ඉන්දියාව එංගලන්තය ද අප‍්‍රිකාව හා බ කොදෙව් නම්කර තිබුණා.
මෙම ප‍්‍රතිශත හා ස්ථාන ඉදිරියට තවත් වෙනස් වන්නට පුළුවන්.