භාතිය ඔහුගේ ‘ගොත ගැසීම’ ගැන කතා කරයි
ජනප්රිය ගායක භාතිය සිය මිතුරු සංතෝෂ් සමඟ පසුගියදා ප්රයිම් ටීවී නාලිකාවේ සම්මුඛ සාකච්ඡුාවකට එක්වුණා.
භාතිය කතාබහේදී ගොතයක් තිබෙන බව ප්රසිද්ධ රහසක්.
මෙතෙක් කල් කතාබහ නොකළ ඒ මාතෘකාව ගැන ඔහු එදා කතා කළා.
අද නවලිය පුවත්පතේ මේ පිළිබඳ තිබෙන විස්තර වලින් කොටසක් මේ
කතා කරන විට පොඩි ගොතගැසීමක් ඔබට තිබෙනවා නේද?
අවුරුදු 14ක් වෙනකල් එහෙම දෙයක් මට තිබුනෙ නැහැ.
ඊට පස්සෙ මේ ගොත බව නිසා ස්කවුට් කෑම්ප් එකකටත් මට යන්න බැරි වුණා.ඒකෙන් මං හුගාක් දුක්වුණා. හැබැයි ඒකෙන් පස්සේ මං ඒ ගැන තුට්ටුවක්වත් ගණන් ගත්තෙ නෑ..මට දැන් ඒකෙන් ප්රශ්නයක් නෑ..කොහොමහරි මං දැන් සිංදුත් කියනවානේ...