ඇමති නවීන් දිසානායක හා මස්කෙළිය ශ‍්‍රීලනිප සංවිධායක එස්.බී. රත්නායක අතර අද මහවැලි කේන්ද්‍රයේදී ගුටි බැට හුවමාරුවක් ඇතිවුණ බව වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීම අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවූ අතර නාම යෝජනා අත්සන් කෙරෙන අතරතුරදී කාන්තා නියෝජනය වැඩිපුර ඇති කළ යුතු යයි මස්කෙළිය සංවිධායකවරයා නවීන් ඇමති සමග වාද කර තිබේ.
‘එක එක්කෙනාගෙන් මුදල් පගා ගසා මෙවැනි ඉල්ලීමක් කරන බව’ට ඇමතිවරයා චෝදනා කළ අවස්ථාවේ උණුසුම් දෙබස් හුවමාරුව ගුටි බැටයක් දක්වා වර්ධනය වූ අතර ගුටි කෑ එස් බී රත්නායක වාහනයක නංවා පිටත් කර ඇත.තත්වය පාලනය කිරීම සඳහා එතැන සිටි ඇමතිවරුන් වන විමල් වීරවංශ ඩබ්.ඞී.ජේ සෙනෙවිරත්න යන අයටද මැදිහත්වන්නට සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධ සිරස වීඩියෝ වාර්තාව
මෙතැනින්