Tuesday, January 25, 2011

උදේ ගින්න හවස සිරකරු මරණ


ඊයේ අනුරාධපුරයම යුද පිටියක් බවට පත් විය.උදෑසන අධිකරණයේ ලිපිගොනු තැන්පත්කර ඇති ස්ථානයේ ගින්නකින් වටිනා නඩු වාර්තා රැුසක් විනාශ විය.
හවස වාර්තා වූයේ බන්ධනාගාරයේ සිරකරුවන්ගේ උපවාසයක් අතරතුර බන්ධනාගාර පරිපාලනය හා සිරකරුවන් අතර ගැටුමකි.මෙම සිද්ධියෙන් කිහිපදෙනෙකුම මිය ගිය අතර එම ගණන එකක් හතරක් හෝ හයක් ආදී ලෙස විවිධ ප‍්‍රවෘත්තිවල විවිධ ලෙස වාර්තා කර තිබේ. තුවාලවූ ගණන 23 ක්පමණ වෙතැයිද කියැවේ.

සිර කරුවෙක් කතා කරයි -කතා කරද්දීත් වෙඩි සද්ද
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් 4 දෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය යන අයුරු තමා ඇස් පනාපිට දුටු බව අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු බීබීසී සන්දේශය සමග ඊයේ සවස පැවසුවේය. එම සිරකරුවා දුරකතනයෙන් කතා කරද්දීත් වෙඩි ශබ්ද ඇසුන අතර ගැටුම ඒ වන විටත් පැවතිණි.

ඔහු කිව්වේ පහසුකම් ගැටලූ කිහිපයක් මුල් කරගෙන ඔවුන් උපවාසයකට එළැඹි බවත් බන්ධනාගාර කොමසාරිස් පැමිණ එය විසඳන්නට උත්සාහ නොකර ‘කන දෙයක් කාලා...වෙන දෙයක් බලාගෙන ඉන්නැයි’ ප‍්‍රකාශ කළ බවත් එයින් අනතුරුව සිරකරුවන් හා පොලිසිය අතර කලහය ඇරඹි බවත්ය. කඳුළු ගෑස් උණ්ඩ 3 කින් පමණ පසු අනපේක්ෂිත ලෙස මරණීය වෙඩි තැබීම ඇරඹි නිසා තම ජීවිතාරක්ෂාව පිළිබඳ බියක් ඇතිවුණ බවද ඔහු කිව්වේය. සිරගෙදර තාප්පයකට මුවාවී

ඔහු දුරකතනයෙන් බීබීසියට ලබාදුන් විස්තරය පහතින් අසන්න