Thursday, January 13, 2011

එජාප මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාසට එරෙහිව නඩු

මලට බඹරකු සේ

විකෘති කර ඇතැයි
සජිත්ට නඩු

අභාවප‍්‍රාප්ත ගායක ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ‘මලට බඹරෙකු සේ’ නම් ජනප‍්‍රිය ගීතය විකෘති කරමින් දේශපාලන වේදිකාවකදී ගායනය කිරීම නිසා එජාප මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාසට එරෙහිව නඩු මගට එළැඹෙන බව ක්ලැරන්ස් බිරිය ශීලා  ඕස්ටේ‍්‍රලියාවේ සිට දන්වා ඇත.

නිරන්තරයෙන්ම දේශපාලන වේදිකාවල ගී ගයන සජිත් පසුගියදා පැවති සිය පාක්ෂිකයින් අමතන රැස්වීමකදී මෙම ගීතය ගායනා කර
තිබුණ අතර එය සිරස ෆයිනල් කට් අයිතමයක් හැටියට ඊයෙaවිකාශය කර තිබුණි.

තම සැමියාගේ මලට බඹරෙකු සේ මුල් ගීතය විකෘති කරමින් බජව්වක් ආකාරයට ගායනා කරන සජිත් මන්ත‍්‍රීවරයා මියගිය ගායකයාට අපහාස කර ඇති බව පවසන ඇය එම ගායනය රූපවාහිනිය ඔස්සේ විකාශය කොට සිරස නාලිකාවද වරදක් කර ඇති නිසා දෙපිරිසටම එරෙහිව නීති මගින් කටයුතු කරන බව කියා සිටින්නීය.
කෙසේ වෙතත් මෙම ගීතයම මින් ඉහත අවස්ථා රැසකදී සජිත් විසින් ගයා තිබෙන අතර පසුගිය දෙසැම්බර මුල් සතියේ දෙරණ ප‍්‍රවෘත්ති විකාශයෙන්ද එහි පැරණි ගායනයක් විකාශය විය.
ක්ලැරන්ස්ගේ ගීත අනවසරයෙන් ගායනා කිරීම නිසා රජීව් සෙබස්තියන්ට එරෙහිව ඇය මින් ඉහත පැවරූ නඩුවකින් මිලියන දෙකක් වන්දි ලබාගත් බව පැවසෙන අතර කර්තෘ අයිතිය සම්බන්ධයෙන් ඇනස්ලි මාලේවනට එරෙහිව ඇය පැවරූ නඩුවක් දැනට විභාග වෙමින් පවතින බවද වාර්තාවේ.
ඔරිජිනල් හා ඩුප්ලිකේට් මලට බඹරෙකු සේ ගායනයන් දෙකම මෙතැනින් බලන්න