Wednesday, January 12, 2011

වැස්සෙන් සීගිරි ජල උයනට හානි


අධික වර්ෂාව නිසා ලංකාවේ ප‍්‍රදේශ ගණනාවකම මේ වන විට ජලගැලීම් ඇතිව තිබෙන බව ඔබ දන්නවා.මේ නිසා ඓතිහාසික ලෝක උරුම නගරයක් වූ සීගිරියද ජලයෙන් යට වුණා.
මේ හේතුවෙන් විශාල පිරිසක් අවතැන් වුණා.
සංස්කෘතික ත‍්‍රිකෝණ බලධාරීන් වාර්තා කරන ආකාරයට සීගිරි පර්වතය පහළ ඇති ඉපැරණි ජල උද්‍යානයටද මෙම වර්ෂාවෙන් අලාබ ඇතිව තිබෙනවා.වර්ග අඩි 25ක පමණ ප‍්‍රදේශයක් විනාශවී තිබෙන බවත් ඇතැම් පොකුණු බිත්ති ඇද වැටී ඇති බවත් මේ අනුව වාර්තා වනවා.

ක‍්‍රි.ව. 5 වන සියවසේ කාශ්‍යප රජුන් කරවූ බව කියැවෙන සීගිරිය භූමියට මතක ඇති කාලයක මෙවන් අලාභයක් සිදු නොවූ බවද කියැවෙනවා.