‘නිල් නෙතු’ ටෙලි නාට්‍යයේ නිලි දුලීකා ඇගේ ‘දරුවා’ මරා දමයි
දුලීකා මාරපන මේ දිනවල විකාශය වන ‘නිල් නෙතු’ ටෙලි නාට්‍යයේ කා අතරත් කතා බහට ,ලක්වන ප‍්‍රහසන ගණයේ චරිතයක නිරත වනවා. නමුත් හිටි හැටියේම ඇය එයින් අතුරුදන් වෙලා. කතාවෙ හැටියට නම්කියන්නේ ඇය විදේශ ගතවූ බවයි.
ෂූටින් වලදී ඇතිවූ ප‍්‍රශ්නයක් නිසා එම කතාවේ ර`ගපෑම අතහැර දැමූ බව අද ඉරිදා ලක්බිම රිද්ම සමග ඇය පවසා තිබෙනවා.
ඒ මෙසේය
‘මම නාට්‍යයෙන් අයින් වුණා. නාට්‍යය කරද්දි ගැටලූ කිහිපයකට මුහුණ දෙන්න සිදු වුණා. නිෂ්පාදකයින් රංගන ශිල්පීන් ගැන හොයල බලන්න ඕන..රංගනයෙ යෙදෙද්දි තුවාලයක් වුණත් බේතක් කරන්නෙ නෑ..ගෙදරට ඇරලවනව.....එච්චරයි..
මං චරිතය ර`ගපෑවෙ දරුවෙක් හදනව වගේ..නිෂ්පාදකයින් ඒ දරුවගෙ වටිනාකමක් දකින්නෙ නැතිනම් ඒ දරුව මරන්න වෙනව..මමත් ඒ වගේ ආදරෙන් හදපු දරුව මරල දැම්ම...