Monday, January 31, 2011

නාම යෝජනා දවසේ ටෙලි නිළිය එක්ක මන්ත‍්‍රී රට ෂූටින්

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ දෙපැත්තේම නාම යෝජනා ගණනාවක් ප‍්‍රතික්ෂේප වූයේ විවිධ වැරදි නිසාය.

මේ ගැන බලධරයින් සොයා බලන අතරවාරයේ වෙන්නප්පුවෙන් අපට වාර්තාවන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු හා ටෙලි නිළියක් නිසා වූ අලකලංචියකි.

මේ කියන මන්ත‍්‍රීවරයාගේ නොසැලකිල්ල නිසා වෙන්නප්පුවේ නාමයෝජනා ප‍්‍රතික්ෂේපවී තිබෙන අතර එය සෙවීමට පක්ෂ බලධාරීන් ඔහුව සොයාබලන විට නිවසේ නොමැති බවත් හැම තැනම සොයා හරි තොරතුරු දැනගත්තේ ආරක්ෂක ඔත්තු සේවා මගින් බවත් සැලවේ. ඔත්තු සේවාවන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාත් ටෙලි නිළියකුත් මේ දිනවල හොර රහසේ විදේශ සංචාරයක් යොදාගෙන තිබුණ බව හෙළි විය.
වහාම ඔහුට එන්නට යයි පණිවිඩ පිට පණිවිඩ යවා ඇත්තේ ඉන් පසුවය.

මේ නිළිය කවුද?
අපට වාර්තා වන ආකාරයට පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිද්ධියක් නිසාද කතා බහට ලක්වූ මෙම නිළිය මෙගා චරිතයකටද පණ පොවන්නියකි. විවාහක කාන්තාවකි.
මෙම නිළියගේ මෙම ක‍්‍රියා කලාපය අදාළ ටෙලි නාලිකාවේ බලධාරීන් විවේචනය කර ඇති බවත් මෙගා චරිතයද ඉදිරියේදී අහිමිවන්නට ඉඩ ඇති බවද තව දුරටත් වාර්තා වේ.