ලංකා ඊ නිව්ස් කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුට අයත් මාලඹේ පිහිටි නිවසක වන අතර ගින්නෙන් එහි තිබූ ලිපි පරිගණක යන්ත්‍ර ඇතුළු කාර්යාල උපකරණ, ලිපි ගොනු හා ගොඩනැගිල්ලේ යම් යම් ස්ථාන විනාශ වී තිබේ.
මෙම ගිනි තැබීමට මොහොතකට පෙර එම වෙබ් අඩවියේ ප්රවෘත්ති කර්තෘ බෙන්ට් රූපසිංහ මහතාට දුරකථනයෙන් කතා කොට ඇති කිසියම් පුද්ගලයෙකු මරණීය තර්ජන සිදුකර ඇති බවද වාර්තා වේ.
ගින්නෙන් පසු ලබාගත් ඡුායාරූප මෙතැනින් බලන්න
ඊයේ ලංකා ඊනිවුස් කාර්යාලයට සිදුවූ හානිය ගැන රජයේ හා පුද්ගලික මාධ්‍ය දෙකින්ම පක්ෂ භේදයකින් තොරව වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් අද රජයට අයත් දිනමිණ පුවත්පතේ මේ පිළිබඳ වාර්තා කර ඇත්තේ අපූරු පුවතකි.
ඒ මෙසේය
‘ඊ නිව්ස් කාමරෙන් සොයා ගනී
පාවිච්චි කළ මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් නිල් චිත්‍රපට කීපයක් හා උපත් පාලන උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් ගිනි ගැනීමට ලක් වූ ලංකා ඊ නිව්ස් කාර්යාලයේ තිබී සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.’