හෙලිකොප්ටරයේදී දරුවා ඉපදුණ කතාව බොරුවක්?
හොරොව්පතාන ප්‍රදේශයේ ගංවතුරට හසුවූ ගැබිණි මාතාවක ගුවන් හමුදා හෙළිකොප්ටරයකදී සිය දරු ප්‍රසූතිය සිදු කළ බවට පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බවට මේ වන විට අපට තොරතුරු ලැබී තිබේ. මෙම පුවත විදෙස් මාධ්‍යවල පවා කලාතුරකින් සිදුවුණ සිදුවීමක් ලෙස විස්තර කර තිබිණි. නමුත් ඇත්තටම සිදුවී ඇත්තේ වෙනත් දෙයකි. සිද්ධිය වූ දිනයේ මෙකී මාතාව ගංවතුර කරදරය මැද්දේ රෝහල් ගතවීමට පහසුකම් සලසාගත නෙැහැකිව සිටි බවත් ගම්වාසීන් වෙහෙසවී ට්රැක්ටරයකින් වින්නඹු මාතාවක් ඇය සිටි තැනට රැුගෙන ආ බවත් පසුව ඇය දරුවා ප්‍රසූත කළ බවත් අප වෙත වාර්තා වේ.
බෙල් 212 ගුවන් හමුදා හෙළිකොප්ටරය පැමිණ ඇත්තේ සිද්ධියෙන් පැය 3කට පමණ පසුව වන අතර පෙකෙනිවැල කැපීම සිදු කරන්නට අවශ්‍යතාව තිබුණ බැවින් ඇයව වහාම රෝහල වෙත ගෙනයාම හෙළිකොප්ටරයෙන් සිදු කර ඇත.
කෙසේ වෙතත් ප්‍රමාදවී හෝ ගුවන් හමුදාවේ සහය මෙම ක්‍රියාවට ලැබීම අගය කළ යුතුය. නමුත් ඇය දරුවා ගුවනේදී ප්‍රසූත කළ බව කීම වැරදි පුවතකි.
ඇය හෙළිකොප්ටරයෙන් බස්සවාගෙන යන අවස්ථාවේ වීඩියෝ දර්ශනය මෙතැනින්