Thursday, February 10, 2011

බිරියගේ රහස් අවයව අයන් එකෙන් පුළුස්සා පළා ගිය තිරිසන් සැමියා

මිනිසකුට මෙතරම් තිරිසන් විය හැකිද? ගල්ගමුවේ අචලාගේ කතාව අසන කෙනෙකුට මතුවන පැනය එයයි.

මේ ඡුායාරූපයේ වැතිර සිටින අචලා සිය සැමියාගේ අමානුෂික ප‍්‍රචණ්ඩත්වයට ලක්වූ තැනැත්තියකි.ඇගේ සැමියා රත්වූ විදුලි ස්ත‍්‍රික්කයක් ගෙන
ඇගේ සිරුරේ ඉනෙන් පහළ රහස් ප‍්‍රදේශ පිළුස්සූ බවත් පසුව මිරිස් දියකර පහර දුන් බවත් ඇය කියනවා. මින් මාස දෙකකට පමණ පෙර ඔහු ඇගේ දකුණු අත කඩා දැමූ තුවාල තවමත් සුවවී නැති අතර ඒ අවස්ථාවේ ඔහු ඇගේ පිටේ ලෑල්ලක් තබා ඇණ ගැසූ බවද ඇය කියනවා.



19 වැනි භාර්යාවලූ !
යෝජිත විවාහයක් ලෙස සමන් කුමාර(33) සමග අචලා(27) විවාහවී තිබෙන්නේ මින් මාස 6කට පමණ පෙරයි.විවාහයෙන් පසු ඇය ඔහු ගැන සොයා බලද්දී මින් ඉහත ඔහුට නිල නොවන විවාහ 18 ක් පමණ තිබුණ බවත් මේ 19 වැන්න වූ බවත් දැන ගෙන තිබෙනවා. ඔහු මුදල් මුල් කරගෙන පමණක් මෙම විවාහය කළ බව නිතර කියා තිබෙනවා. අනියම් සබඳතා ගැන ආරවුල් තිබුණ බවත් වාර්තා වනවා. නිතර අඬදඹර සිදුවූ විවාහය ඇයට කරදරකාරී වු බවත් සෑම අවස්ථාවකම ඔහු ඇයට නින්දිත ලෙස පහර දුන් බවත් කියැවෙනවා.

පොලිසිය ප‍්‍රමාදයි
මෙම සිද්ධියෙන් පසු සමන් කුමාර ආගිය අතක් නැත.ගිරිබාව පොලිසිය ඔහු ගැන තොරතුරු එප්පාවල පොලිසියට ලබාදුන්නද ඔහු අල්ලා ගැනීමේ පරීක්ෂණ තවමත් ප‍්‍රමාද බවයි කියැවෙන්නේ.

මෙම සිද්ධියට අදාළ සියලූ ජායාරූප මෙතැනින් බලන්න