පෙබරවාරියේ කෙරෙන්නට යන මධු මාධවගේ අලූත් විවාහය ගැන ප‍්‍රථම ඉ`ගිය පසුගිය දෙසැම්බර් මසදී හෙළිදරව් කළා ඔබට මතක ඇති. ඔහු පුවත්පත්වලට කියා තිබුනේ එදාට අරවින්ද යායේ මල් පිපෙනවා කියල විතරයි.
ලබන 14 වෙනිදා(වැලන්ටයින් දිනයේ* මධු මාධවගේ දෙවන විවාහය සඳහා දැන් සියලූ කටයුතු සූදානම් කරල ඉවරයි. මෙහි විශේෂත්වයක් වන්නේ මධුමාධවගේ සොහොයුරා ධනංජය සිරිවර්ධන ඔහුගේ විවාහයේ දෙවන මනාලයකු හැටියටත් කටයුතු කිරීමයි.
ඉතින් මධු විවාහ වන්නේ කාත් එක්කද?
ඒ ගැන තමයි බොහෝදෙනෙකුට කුතුහලය තිබෙන්නේ.නමුත් මධු තාම ඒ ගැන කියන්න කැමති නෑ.
විවාහයෙන් පස්සේ මගුල් ඡුායාරූප වලින්ම බලාගන්න කියල තමයි ඔහු කියන්නේ.
කෙසේ වෙතත් මධු මින් පෙර නිල්මිණි තෙන්නකෝන් සමග පැවති විවාහයෙන් උපන් දියණිය ස්වේතා තවමත් පොඩියි. ඇයට මධුගෙන් ඉටුවිය යුතු යුතුකම් ගැන ඔහුට හොඳ අවබෝධයක් ඇතැයි අපට සිතෙනවා.
දියණිය තමන්ගේ නව විවාහය ගැන අන්තර්ජාලයෙන් දැනගෙන තමාගෙන් ඇසුවේ යයිද මධු කියා තිබෙනවා. කෙසේ වෙතත් ඔහු ඇය ගැන ඉදිරියටත් සොයා බලන බව අද සරසවිය පුවත්පතට පවසා තිබෙනවා.
විවාහ දිනයේ තොරතුරු ඉදිරියට බලාපොරොත්තු වන්න..