Tuesday, February 08, 2011

ලාංකීය රූරැජිණ ජැකුයිලින් අඩනිරුවතට ‘හා’ කියයි

බොලිවුඩයට දායාද කළ ලාංකීය රූරැජිණ ජැකුයිලින් ෆර්ඩිනැන්ඞ්ස් ගැන දැන් අලූත්ම ආරංච්යක් පැතිර යනවා. එය නම් ඇය අලූතින්ම ර`ගපාන්නට ගිවිසුම් අත්සන් කළ මර්ඩර් 2 චිත‍්‍රපටයේ ඇඳුම් ඉවත්කර රගන දර්ශන වලට ඇය එක`ගවීමයි.

මේ පුවත ඉන්දියානු මාධ්‍ය අතර ළැව් ගින්නක් මෙන් පැතිර යනවා.විශේෂයෙන්ම ඇය මේ එක`ගතාව දක්වමින් මාධ්‍ය ඉදිරියේ කතා කළ දේවල් ගැනත් බොහෝ තැන්වල කතාබහට ලක්වෙලා.

‘නිළියක් වුණාම අපිට පිටපත ඉල්ලන  ඕනෑම දෙයක් අවශ්‍යතාව අනුව කරන්න සිද්ධ වෙනවා..මට හිතාගන්න බැරි ඇයි සමහරු මේ වගේ දර්ශනවලට අකමැති කියල..මට එවැනි දර්ශන ගැන ප‍්‍රශ්නයක් නෑ..සීරියස් නිළියක් විදිහට මේ අභියෝගය භාරගන්න මං කැමතියි..’ඇය කියනවා.
මල්ලිකා සමග තරගයක්
ජැකුයිලින් රගපාන්නට යන මර්ඩර් 2 පළමු කොටස මින් ඉහත ප‍්‍රදර්ශනය කර ආදායම් වාර්තා තැබූ චිත‍්‍රපටයක්.
එහි
ප‍්‍රධාන නිළි චරිතයට රගපෑවේ සුපිරි නිළි මල්ලිකා ෂරාවත්. පසුගිය කාලයේ ජැකුලින් හා මල්ලිකා අතර සීතල යුද්ධයක් තිබුණ බවත් දෙදෙනා එකට එක තරග කළ බවත් බොලිවුඩයෙන් වාර්තා වුණා. මෙවර ජැකුයිලින්, මල්ලිකාගේ පෙර චරිතය මේ ආකාරයට බාරගන්නෙත් ඒ තරගයේම කොටසක් විදිහටලූ.
සරාගී නළුවාත් සූදානම්
මර්ඩර් 2 චිත‍්‍රපටයේ ජැකුයිලින් ර`ගන්නේ සරාගී බොලිවුඞ් නළු ඉමිරාන් හෂ්මි සමගයි.ඔහුව ඇතැම් සිනමා පුවත්පත් හඳුන්වන්නේ ‘සීරියල් කිසර්’(දීර්ඝ සිපගන්නකු) හැටියටයි.


කෙසේ වෙතත් තවමත් 26 හැවිරිදි ජැකුයිලින් බොලිවුඩයට ආගන්තුකයි.තවමත් ප‍්‍රදර්ශනයවී ඇත්තේ, ඇය ර`ගපෑ ඇලඩින් හා ජානේ කහන් චිත‍්‍රපට පමණයි. ඉහළම තලයේ වැජඹෙන අයිශ්වර්යා පවා ඇඳුම් උනාදමන දර්ශන මගහරින සමයක ජැකුයිලින්ගේ මේ නිර්භීත තීරණය එතරම් හොඳ නැති බවයි සමහරු කියන්නේ.

ජැකුයිලීන්ගේ හොට් ඡායාරූප එකතුව මෙතැනින්




















 ජැකුයිලීන්ගේ හොට් වීඩියෝ එකතුව මෙතැනින්