Monday, February 14, 2011

ජනරාල් නිසා දැයට කිරුළේ වලියක්

අද උදෑසන වන තුරු පැවති බුත්තල දැයට කිරුළ භූමියේ ඊයේ අවසන් සංගීත රාත‍්‍රිය ගුටි කෙළියකින් නිමාවී ඇති බව වාර්තාවේ. මෙම ගැටුමින් මේ වන විට 8 දෙනෙකු රෝහල් ගත කර ඇත.

ගැටුම සිදුවී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා විශේෂ කාර්ය බලකාය අතරය.
මෙම ගැටුමට මුල්ව ඇත්තේ,
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පිළිබඳ කතාවකි. පොලිස් විශේෂ බලකා නිලධාරියෙකු ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට බැන වැදිමත් සමග යුද හමුදා විශේෂ බලකා සෙබළුන් විසින් ඔහුට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් වාර්තා කර තිබේ.
මුලින්ම සුළුවෙන් ඇරඹි පහරදීම අවසානයේ ගුටි කෙළියක් බවට පත්වූ බවත් මේ හේතුවෙන් සංගීත ප‍්‍රසංගය නැරඹීමට පැමිණියවුන් පවා තුවාලවූ බවත් වාර්තා වේ.
මෙම සිද්ධියෙන් සාමාන්‍ය වැසියන් තිදෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා බුත්තල හා මොනරාගල රෝහල්වලට ඇතුළු කළ බව මේ වන විට වාර්තා වේ.