Monday, February 14, 2011

භූතයා’ කියූ දේ ගැන පත්තර බහුබූත



ලංකා ඊ නිවුස් ගිනි තැබුවේ යයි කියූ භූතයා අත්අඩංගුවට පත්වීමේ පුවත ඊයේ වාර්තා විය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් භූතයා නමැත්තා කවරක් ප‍්‍රකාශ කළේදැයි දැනගැනීමට බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් තිබිණි. නමුත් අවාසනාව නම් අද එක එක පත්තර මේ ගැන කියා ඇත්තේ එක එක කතා වීමය.රටේ යම් සිද්ධ්යක් සම්බන්ධයෙන් පොලිසිය එක එක මාධ්‍ය වලට එක එක කතා කියන්නේ කෙසේද යන්න මෙහිදී අපට මතුවන ගැටලූවකි.
කොන්ත‍්‍රාත්තුව දුන්නේ ඊනිවුස් - දිනමිණ
අද දිනමිණ පුවත්පතට අනුව ඊනිවුස් ප‍්‍රධානියෙකුගෙන් ලැබුණ කොන්ත‍්‍රාත්තුවක් මත රුපියල් 50000 කට මෙම ගිනිතැබීම කළ බවත් පසුව ඊනිවුස් ප‍්‍රධානියා අමතා වැඬේ කරා යයි පැවසූ බවත් වාර්තා කර තිබේ.මෙම පුවත්පත දක්වන්නේ රජය අපහසුතාවට පත්කරන්නටත් ජාත්‍යන්තර අවධානය දිනාගෙන ආධාර රැුස්කරන්නටත් මෙම කටයුත්ත සැලසුම් කළ බවකි.


පරිගණක පංතිය ගිනිතියන්න කිව්වා - දිවයින
මේ අතර අද දිවයින පුවත්පත කියන්නේ පැජරෝ රථයකින් ආ දෙදෙනෙකු පරිගණක පංතියක කුලී නොගෙවීමේ ප‍්‍රශ්නයක් මත එය ඉවත්කිරීමේ අරමුණින් මෙම කොන්ත‍්‍රාත්තුව ලබාදුන් බවත් උපදෙස් පරිදි ගිනි තබා ලබාදුන් අංකවලට අමතා පළා ගිය බවත්ය.මෙය පරිගණක පංතියක් නොව ලංකා ඊ නිවුස් බව දැනගත්තේ පසුව පුවත්පත් වලින් යයිද භූතයා කියා ඇතැයි දිවයින වාර්තා කරයි.

මේ අතර ලංකා ඊ නිවුස් ඊයේ වාර්තා කළේ ගිනිතැබීම ආණ්ඩුවෙන් කළ බවට නඩුවේදී කියන්න යයි සැකකරුවන්ට යම් දෙදෙනෙකු පැමිණ ඊ නිවුස් නම විකුණා අල්ලස් ලබාදීමේ ප‍්‍රයත්නයක් වාර්තා වී ඇති බවයි.
මෙම අන්තෝජට බහිජටා වාර්තාකරණ පිළිබඳ සටහන් බලන්න
දිනමිණ ලිපිය









ඊ නිවුස් ලිපිය



February 11

‘භූතයා’ මාට්ටු
ලංකා ඊ නිවුස් ගිනි තැබීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු යයි පැවසුණ ‘භූතයා’ නමැත්තා මීට ටික වේලාවකට පෙර බේරුවලදී අත්අඩංගුවට පත්වූ බව පොලිසිය කියයි.
මින් ඉහත වාර්තාවී තිබුනේ
මේ සිදුවීමට ආසන්න වෙලාවක දුරකතන කුටියකින් මරණ තර්ජන කළ තැනැත්තා අංකයක් මාර්ගයෙන් අල්ලා ගත් බවත් ඔහු කී දේ අනුව ප‍්‍රධාන සැකකරු අල්ලාගත් බවත්ය.
කෙසේ වෙතත් ලංකා ඊ නිවුස් මගින් වාර්තා කර තිබුනේ මේ භූතයා පිළිබඳ කතාව රජය පොලිසිය සමග එක්ව කළ ප‍්‍රබන්ධ කතාවක් බවත් ඇත්ත වශයෙන් මෙය කරන ලද්දේ වෙනත් අය විසින් බවත්ය