Monday, February 14, 2011

වැලන්ටයින් දවසේ ෂාරුක් හිරේ


අද(14) වැලන්ටයින් දිනය පෙම්වතුන්ට විශේෂයි.ඒත් මේ ගැන වෙනදා තරම් මාධ්‍ය ප‍්‍රචාර නෑ. ඉන්දියාවේ බොලිවුඞ් තාරකා මේ දිනයේ කරන්නේ මොකක්ද කියල හොයල බලද්දි අපූරු ආරංචියක් තමයි ලැබෙන්නේ
ෂාරුක් ඛාන් වැලන්ටයින් දවසේ හිරගත වෙලා. ෂූටින් එකක් කරන්න අද මැලේසියාවට ගිහින් තියන ඔහු එහි සිර කඳවුරක දවසම ගත කරන බවත් තම හිත මිතුරන්ට සුබ පතන්නටවත් වෙලාවක් නැති බවත් කියා තියෙනවා.

මේ අතර අමීර් කාන් බර්ලින් නුවර පැවැත්වෙන සිනමා උළෙලේ ජූරියේ වැඩ කටයුතුවල නිරතවන බවත් වෙනදා වගේම වෙනසක් නැතිව වැලන්ටයින් දිනය ගතවන බවත් කියා තිබෙනවා.

 කත‍්‍රිනා කයිෆ් ඇගේ පෙම්වතා බව කියන රන්බිර් කපූර් සමග අද දවස ගත කරන්නට වෙලාවක් නැති බවත් ෂූටිං වල දවසගතවන
බවත් කියනවා.දීපිකා පදුකෝන්,කරීනා කපූර්,ප‍්‍රියංකා චොප්රා මේ සියලූ දෙනා අද වැලන්ටයින් දිනය සමරන්න නොහැකිවන්නන් අතර සිටිනවා.