Saturday, February 19, 2011

විනූ වෙත්තමුණි ඝාතනය කෙරේ


  සරාගී චිත‍්‍රපට ගණනාවක රගපෑ නිළියක වන විනූ වෙත්තමුණි ඊයේ(15) රාත‍්‍රියේ  රත්මලාන බොරුපන පාරේ පිහිටි ඇගේ නිවසේදී අභිරහස් ලෙස නයිලෝන් නූලකින් ගෙළ සිර කර මරාදමා ඇත. 35 හැවිරිදි ඇය දරුවා සමග නිවසේ සිටි බවත් සැමියා විදේශගතව සිටි බවත් කියැවේ.

ඇගේ නිවසට ඊයේ රාත‍්‍රි පුද්ගලයින් තිදෙනෙකු ආ බවත් උදෑසන වනතුරු ඔවුන්ගෙන් එක් අයකු ඇගේ කාමරයේ සිටි බවත් ඇගේ පුත‍්‍රයා හා මව සඳහන් කරන අතර උදෑසන කිසිම හඬක් නැතිව දොර අගුළු දමා තිබීම ගැන සැක කර පොලිසියට දැන්වූ පසු ගල්කිස්ස පොලිසිය පැමිණ දොර කඩා 


බලද්දී ඇගේ මළ සිරුර හමුවී ඇත. ඇගේ ගෙල කළු පැහැති නයිලෝන් නූලකින් හිර කර මරා දමා ඇති ආකාරයක් හඳුනාගත හැකිවී තිබේ.

පුද්ගලයකුගේ යයි සැක කළ හැකි ඇඳුම්ද මෙම කාමරයේ තිබී හමුවී ඇත.
සිහින දෙව්දුව චිත‍්‍රපටයේ නිෂ්පාදිකාවද වන විනු වඩාත් ප‍්‍රකටව ඇත්තේ වැඩිහිටි චිත‍්‍රපටවල ර`ගන සරාගී නිළියක ලෙසිනි.