Friday, March 18, 2011

ඕලූ රිය අනතුරක

 ඕලූ ටෙලිනාට්‍යයේ පළමු කොටසේ රඟපෑ ජනප‍්‍රිය නිළි මංජුලා කුමාරි අද රිය අනතුරකට ලක්වුණා.
ටෙලිනාට්‍යයක රූගතකිරීම් කිරීමට යන අතරතුර කිරිබත්ගොඩ ප‍්‍රදේශයේදී ඇය ගමන් ගනිමින් සිටි රථය ත‍්‍රීරෝද රියක ගැටීමෙන් මේ අනතුර සිදුවූ බව වාර්තා වන අතර මේ නිසා ඇගේ මුහුණේ සීරීම් ඇතිවූ බව කියැවෙනවා.
කෙසේ වෙතත් බරපතල තුවාල නොවුණත් ඇගේ මුහුණේ ඇතිවූ තුවාල නිසා ශල්‍යකර්මයක් සිදු කරන්නට ඉඩකඩ පවතින බවත් වාර්තා වෙනවා.
මේ වන විට ඇය කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

කලකිරීමෙන් සිටියා
පසුගිය දිනවල  ඕලූ දෙවන කොටස ස්වර්ණවාහිනී ආයතනය මගින් විකාශය ඇරඹුවේ ඇය වෙනුවට වෙනත් නිළියක යොදාගෙනය. මෙම නිෂ්පාදනය පිළිබඳ මංජුලා විරුද්ධවූ බවත් ඇයගේ නිෂ්පාදනයක් ලෙස මෙය එළිදැක්වීමට තිබූ සැලසුම ව්‍යර්ථ කරමින් අදාළ රූපවාහිනී නාලිකාව මෙම නිර්මාණය සිදු කිරීම නිසා පසුගිය දිනවල මංජුලා කලකිරීමෙන් සිටි බවත් වාර්තා විය.