Wednesday, March 30, 2011

ශලනිගේ පෙම්වතා හේමාල් ද?

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක් බවට පත්ව සිටින ශලනි තාරකාගේ පෙම්වතා බවට පත්ව සිටින්නේ නැගී එන නළුවෙකු හා නිරූපන ශිල්පියකු වන හේමාල් රණසිංහ බව වාර්තා වේ.

මොවුන් දෙදෙනාගේ පේ‍්‍රමය මේ දිනවල කාටත් හොර රහසේ ගලායන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙළ විය.

දැන් එය තරමක් දුරදිග ගොස් ඇති බවත්ල පසුගියදා මොවුන් දෙදෙනා චැලෙන්ජර්ස් චිත‍්‍රපටය එක්ව නැරඔ බවද පැවසේ.

හේමාල් 2009 වසරේදී ස්පාඤ්ඤයේ පැවැති ජගත් නිරූපණ තරගයේදී ලොව හොඳම නිරූපණ ශිල්පියා ලෙස අභිෂේක වූ තරුණයෙකි.

ඊට අමතරව 2010 වසරේදී දකුණු කොරියාවේ පැවැතිමිස්ටර් වල්ඞ්’ තරගය සඳහා ද ශී‍්‍ර ලංකාව නියෝජනය කළ අතරල ඔහු 2009 දීමිස්ට ශී‍්‍ර ලංකා’ ලෙසත් අභිෂේක ලැබීය.

මාතලේ ප‍්‍රදේශයෙන් කලා ලෝකයට පැමිණි හේමාල්ගේ පියා වෙදමහතෙකි.

සහෝදර සහෝදරියන් හතරදෙනෙකුගෙන් යුක්ත පවුලක උපත ලද හේමාල් වෘත්තීය කලා කරුවෙකු බවට පත්වූයේ පසුගිය වසරේදීසුපර් සික්ස්’ චිත‍්‍රපටයට රංගනයෙන් දායකවීමත් සමග බව පැවසේ.

නිරූපණ ශිල්පිණියක් හා 2010 ශී‍්‍ර ලංකා රූ රැජින ලෙස කිරුළු පලන් ෆෙලොන් ශෙලන්ති රණසිංහ හා දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් වන නර්මදා සමග ද හේමල් පෙම් සබඳතා පැවැත්වූ බව ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.